Colombo Today Local News

එජාප ප්‍රබලයෝ මලික්ගේ නිවසේ හමුවෙයි.. නායකත්ව වෙනසක් ඉල්ලූ අයට රනිල්ගෙන් පොරොන්දුවක් !

ඊයේ රාත්‍රී කොළඹ බුලස් පාරේ නිවසේ දී රාත්‍රී 8.30 ට එජාප නායක රනිල් වික්‍ර‍මසිංහ, සභාපති මලික් සමරවික්‍ර‍ම සහ ලේකම් කබීර් හෂීම් සමග රංජිත් මද්දුම බණ්ඩාර, පාලිත රංග බණ්ඩාර, වසන්ත සේනානායක, රංජිත් අලුවිහාරේ, අශෝක අබේසිංහ යන මහත්වරුන් සාකච්ඡාවක් පැවැත්වීය.

එම සාකච්ඡාව අතරතුර පක්ෂ ප්‍ර‍තිසංස්කරන ලෙස ගාමිණී ජයවික්‍ර‍ම පෙරේරා සහ ජෝන් අමරතුංග මහත්වරුන් අමාත්‍යධුරවලින් ඉවත් කොට තරුණයින්ට අවස්ථාව ලබා දෙන බව රනිල් වික්‍ර‍මසිංහ මහතා පවසා ඇත. එහි දී වසන්න සේනානායක මහතා පවසා ඇත්තේ රටේ මිනිසුන්නට අවශ්‍යව ඇත්තේ පක්ෂය වෙනුවෙන් ජීවිතයම කැප කළ ගාමිණී ජයවික්‍ර‍ම පෙරේරා සහ ජෝන් අමරතුංග ඉවත් කිරීම නොව පක්ෂ නායකත්වයේ වෙනසක් බවයි.

පාලිත රංග බණ්ඩාර මහතා සිය ෆෙස් බුක් පිටුවේ සටහන් තබා ඇත්තේ //2018.04.01 දින රාත්රී 08.30-10.30 දක්වා ගරු අගමැති තුමා සමග කරන ලද සාකචිඡාව අනුව සැලකිය යුතු ප්රතිසංවිධානයක් නොකරන බවත් නායකත්වය වෙනසක් නොවන බවත් අනාවරණය විය.// යනුවෙනි.

 

Related posts

විභාග මධ්‍යස්ථාන තුල සෞඛ්‍යාරක්ෂාව පිලිබඳ ගැටළු 1988 ට කියන්න – අධ්‍යාපන අමාත්‍යාංශය

colombotoday

චන්ද්‍රිකා පිළ දරුණු වෙයි… කොළඹදී සමුළුවක් තබා සජිත්ට සහය දීමට තීරණය කරයි !

colombotoday

වැටලීමකදී පොලිස් කොකා ගැස්සී තරුණිය මරුට

Admin

පලෙයි පිපිරීමෙන් තුවාල ලබා සිටි සැකකරු මියයි

colombotoday

එජාපයේ උඩුනුවර අයවැය පරාජය වෙයි

colombotoday

මහින්ද වසර දහයකින් කළාට වඩා සජිත් මාස දහයකින් කළා

colombotoday