Colombo Today Local News

මාලි ත්‍රස්තයන්ගේ බෝම්බ ප්‍රහාරයක් ශ්‍රී ලංකා හමුදාවෝ ව්‍යාර්ත කරති

මාලි රාජ්‍යයේ සාම සාධක සේවයේ යෙදී සිටින ශී‍්‍ර ලංකා හමුදා බල ඇණිය එරට ත‍්‍රස්ත කණ්ඩායම් විසින් සිදු කිරීමට උත්සහ කළ ප‍්‍රහාරයක් සාර්ථකව ව්‍යාර්ථ කර තිබෙනවා. කිලෝ ග්‍රෑම් 30කට ආසන්න පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මෙම ප‍්‍රහාරය සිදු කිීරීමටයි මාලි ත‍්‍රස්ත කණ්ඩායම් උත්සහ කර ඇත්තේ.

ශී‍්‍ර ලංකා හමුදා බල ඇණිය ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරය සැලසුම් කර තිබුණු බවද අනාවරණ වී තිබෙනවා. ප‍්‍රහාරය සඳහා පැමිණි බෝම්බකරු සහ ශී‍්‍ර ලංකා හමුදා බල ඇණිය අතර වෙඩි හුවමාරුවක්ද සිදුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. බෝම්බකරු එහිදී මිය ගොස් ඇති අතර ඔහුගේ සිරුර සහ ඔහු විසින් පිපිරවීමට රැගෙනවිත් තිබූ බෝම්බය ශී‍්‍ර ලංකා හමුදා බලඇණිය විසින් මාලි පොලීසියට භාර දී තිබෙනවා.

මේ පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදී ආරක්ෂක විශේෂඥයින් පැවසුවේ ඉකුත් යුද සමයේදී ලැබූ අත්දැකීම්ද මෙවැනි වික‍්‍රමයක් කිරීමට ශී‍්‍ර ලංකා හමුදා බල ඇණියට ශක්තියක් වන්නට ඇති බවයි. සාමසාධක සේවයට යෙදවිය යුත්තේ අත්දැකිම් සහිත හමුදා සාමාජිකයින් බවද ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දුන්නා.

හේමන්ත කහවලගේ

Related posts

ජනපති ‘සිරිසේන’ – විමල් සුහද පිළිසදරේ !

colombotoday

[Video] ආරක්ෂකයන් රොත්තක් පිරිවරා අගමැති ත්‍රීවීලරයකින් වීදි සංචාරයේ !

colombotoday

දිස්ත්‍රික්ක අනුව ගෑස් වලට උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ඇස්ට්‍රාසෙනිකා නැති වුනොත් ‘‘ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’’ දෙනවා – මාත්‍රාවක් ලබා දීමෙන් නරක බලපෑමක් වෙන්නෑ

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නායක මහින්ද – සභාපති මෛත්‍රීපාල – මහ ලේකම් බැසිල්

colombotoday

අපි යන්නෙත් පහුගිය ආණ්ඩුව ගිය පාරෙමයි

Admin