Colombo Today Local News

රනිල්ට ඉල්ලා අස්වෙන්නැයි චම්පික කියයි !

විශ්වාසභංගයට පෙර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලා සිටිය යුතු බවට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා යෝජනා කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ, ඊයේ (27) පස්වරුවේ දී සෞඛ්‍ය අමත්‍යංශයේදී පැවති විශේෂ සාකච්ජාවකදීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාස භංගය සම්බන්ධයෙන් ගතයුතු තීන්දු තීරණ ගැන සාකච්ජා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කැඳවා තිබු එම රැස්වීමට රවුෆ් හකීම්, චම්පික රණවක, අර්ජුන රණතුංග, සරත් ෆොන්සේකා, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, කරුණාරත්න පරණවිතාන යන එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් සහභාගී වී ඇත.

විශ්වාස භංග යෝජනාව ඡන්ද විමසීමකට ලක් කිරීමට පෙර ප්‍රශ්නය විසඳා ගත යුතු බවට අමාත්‍ය චම්පික රණවක මහතා ඉදිරිපත් කල යෝජනාව සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ජා කර ඇතත් අවසන් එකඟතාවයකට පැමිණ නොමැත.

කෙසේවුවද එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මෙම මැති ඇමතිවරුන් හෙට (29) පස්වරු 4.00ට අගමැතිවරයා හමුවීමට නියමිත අතර එහිදී මෙම කාරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ජා කිරීමට එකඟත්වයට පත්ව තිබේ.

Related posts

පක්ෂයේ අයිතිකාරයා අපි ළඟ. ඕනිනම් සජිත්ට විනය පරීක්ෂණයක් කරනවා – Video

colombotoday

මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

colombotoday

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

colombotoday

පළමු වටයේ කොරෝනා මර්ධනය කලේ නෑ යට ගහලා ඡන්දය දිනුවා.. රට ඇතුලේ වෛරසය දැන් මතුවෙලා

colombotoday

සයිටම් ගැන රජයේ ගත් තීරණය ගැන GMOA මතය කියයි !

colombotoday

මුස්ලිම් ගම්මානයකින් ගුවන් යානා නාශක උණ්ඩ 5ක් සහ ඩෙටනේටරයක් සොයාගැනේ

colombotoday