Colombo Today Local News

අපි ව්‍යාපෘති කලාට මහජනතාව ඒ ගැන දන්නේ නෑ.. ඒක හරිම ඛේදවාචකයක්. – සගලගෙන් මාධ්‍ය අමාත්‍යංශයට චෝදනාවක්?

එක් ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂ 10 බැගින් වැය කරමින් සංවර්ධන ව්‍යාපෘති 55000 කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබුණ ද ඒවා පිළිබඳ ජනතාව දැනුම්වත් වී නොසිටීම දැවැන්ත ඛේදවාචකයක් බව ව්‍යාපෘති කළමනාකරණ , තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍ය සාගල රත්නායක මහතා මෙසේ ප්‍රකාශ කළේ විමධ්‍යගත කරන ලද අයවැය වැඩසටහන සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන පිලීබඳ අද (26) පැවැත්වූ සාකච්ඡාවක දීය. එම සාකච්ඡාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් එච්.එම්.ගාමිණී සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් ආතාවුදහෙට්ටි යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.

පහුගිය අවුරුදු දෙක තුළ අපි එක ව්‍යාපෘතියකට ලක්ෂ දහය බැගින් වියදම් කරලා ව්‍යාපෘති 55000 කට වැඩි ව්‍යෘපෘති ප්‍රමාණයක් සිදු කළා. ඒත් මහජනතාව ඒ ගැන දන්නේ නෑ. ඒක හරිම ඛේදවාචකයක්. අනිත් කාරණය තමයි අපි මේ ව්‍යාපෘති ගැන කියලා බෝඩ් එකක්වත් ගැහුවේ නෑ.

ඒ නිසා අපේ  ව්‍යාපෘති ගැන ගම් මට්ටමට ගෙනියන්න පුළුල් ප්‍රචාරක ව්‍යාපෘතියක අවශ්‍යතාව දැන් දැඩි ලෙස මතුවෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ වෙනකොට රජයේ ප්‍රතිපත්තිය ගමට ගෙනියන්න නිසි ක්‍රමවේදයක් නොමැති වීම. මේවා කරන්න දැන් ප්‍රමාද වැඩියි. නමුත් අපි දැන් හෝ මේ ගැන හිතලා වැඩපටන් ගන්න ඕන.

මොකද අපි කරන ව්‍යාපෘතිවල වටිනාකම අපි ගන්න ඕන. ඒ වගේම ඒ ව්‍යාපෘතිවලට අවශ්‍ය වටිනාකම දෙන්නත් අපි කටයුතු කරන්න ඕන. මේක දැන් තරඟයක් වෙලා තියෙන්නේ. අපි ඒ තරඟයට ශක්තිමත්ව මුහුණ දෙන්න ඕන. යැයි අමාත්‍යවරයා කීය.

Related posts

උපකාරක පංති ගුරුවරයෙකුට කොරෝනා.. සිසුන් 100ක් නිරෝධායනයට

colombotoday

මහින්දට මේ කරන්නේ දේශපාලන පලිගැනීමක්

Admin

“මා ජනපති වූයේ දේශද්‍රෝහියෙකු වීමට නොවේ !” – ජනපති කියයි

colombotoday

විදුලි බිලට පොලියකුත් එක්ක සහනයක්

colombotoday

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතීන්ට යළිත් එම ඇමැති ධුර දෙන්න – අගමැති ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

අගමැතිගෙන් නිවේදනයක්

colombotoday