Colombo Today Local News

මඩකලපුව සීනවත්ත සිංහල විද්‍යාලය ඩෝසර් කර අන්‍ය ජාතිකයන් පදිංචි කිරීමේ සූදානමක්.. (Video)

මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙල්ලාවලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සීනවත්ත සිංහල ගම්මානයේ පාසල් භූමිය ඩෝසර් කර වෙනත් ජාතිකයන් පදිංචි කිරීමට වෙල්ලාවලි ප්‍රාදේශීය ලේකම්වරිය සූදානම් වන බව සමස්ථ ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්.අරුන්කාන්තන් මහතා පවසනවා.

හින්දු සම්මේලනයේ දැඩි විරෝධය හේතුවෙන් මේ වන විට එම වැඩකටයුතු තාවකාලිකව නවතා තිබෙන බවත්, මේ සදහා වහාම මැදිහත් වන්නැයි දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සදහන් කලා.

එම ගම්මානවල පදිංචිව සිටි සිංහල ජනතාව යුද ගැටුම් හේතුවෙන් 1990 වසරේදී ගම්බිම් හැරදා ගොස් ඇති බවත්, ද්‍රවිඩ සන්ධානය ඇතුළු අන්තවාදී පාර්ශවවලින් අහිසංක සිංහල ජනතාවගේ උරුමය රැකගැනීමට එක්විය යුතු බවද අරුන්කාන්තන් මහතා අවධාරණය කරයි.

Related posts

ප්‍රීමා සමාගම විසින් තිරිගු පිටි මිල ඉහළ දැමීම අනීතිකයි – වැඩි මිලට තිරිගුපිටි මිලදී ගැනීමෙන් වළකින්න.

colombotoday

හිටපු උප සභාපතිවරයෙකුගේ නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන

Admin

ස්වාධීන රතන හිමි භාර ගන්න හෙළ උරුමය සූදානම්.. හැබැයි එක කොන්දේසියක් !!

colombotoday

යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් මාර්ගයේ පිපිරීමක්

colombotoday

විහාර දේවාලගම් පනතින් මහා නාහිමිවරුන්ටත් ඉහළින් ගිහි තනතුරක්!

colombotoday

තෙවරප්පෙරුම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි.. කොමිසමෙන් ලිපිය භාර නොගනි

colombotoday