Colombo Today Local News

එජාපය දිනූ හම්බන්තොට නගරාධිපති ධුරය ශ්‍රීලනිපයේ එරාජ්ට…

පසුගිය පළාත්පාලන මැතිවරණයට ශ්‍රීලනිප යෙන් තරග කල හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු නැවත නගරාධිපති ධුරයට පත් කිරීමේ සූදානමක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී හම්බන්තොට නගර සභාව ජයග්‍රහණය කිරීමට එජාපය සමත් වූ අතර ඔවුන් සභික ධුර 09ක්ද, පොහොට්ටු පක්ෂය 07ක් සහ නිදහස් පක්ෂය සභික ධුර 05ක් දිනාගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු සහ පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයන් එක්වී හම්බන්තොට නගර සභාවේ හවුලේ බලය පිහිටුවීම පිළිබදව සාකච්ඡා පවත්වා තිබෙනවා.

පසුගිය පාලන සමයේදී දැඩි රාජපක්ෂ හිතවාදියෙකුව සිටි එවක නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට වීදි නාට්‍ය කණ්ඩායමකට සහ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ට පහර දීම බියවැද්දීම සම්බන්දයෙන් චෝදනා එල්ල විය.

Related posts

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වන්න ජනපති අත්සන් කරයි

colombotoday

බස්නාහිරින් යන එන අයගේ ඇන්ටිජන් කරන්න පොලිසිය ආවත් සෞඛ්‍ය අංශ නෑ

colombotoday

2024 පළමු පාසල් වාරය පිලිබද තීරණයක්

Admin

දිනේෂ් ෂාෆ්ටර් මරා දැමූ බවට හෙළි වෙයි

Admin

මිහින්තලයේ කතක් අභිරහස් ලෙස මිය යයි

colombotoday

පයාගල දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට

colombotoday