පසුගිය 01 වැනිදා පැන වූ හදිසි නීති රෙගුලාසි ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරිණ.
ඒ, ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටසේ විධි විධානවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 01 වැනිදා හදිසි නීතිය පනවනු ලැබී ය.