Colombo Today Local News

කැබිනට් මණ්ඩලයේ කයිවාරුව විතරයි, වැඩ නෑ.. රට කාලා – රවීගෙන් සැර කතාවක්

මේ රට කා දමා තිබෙන්නේ දේශපාලනඥයින් නොව මහ බැංකුවේ කට්ටිය යැයි හිටපු මුදල් අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කැබිනට් මණ්ඩලයේ ඇති ප්‍රශ්නය කයිවාරුව මිස වැඩ පෙන්වීමක් නොමැති බවද මන්ත්‍රීවරයා කීය.
පාර්ලිමේන්තුවේදී අද පැවැති සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත පිළිබඳව පනත විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

‘අපි හැමදාම කටයුතු කර තිබෙන්නේ දේශපාලනය ගැන හිතලා මිස රට ගැන හිතලා නොවෙයි. විපක්ෂයේ වැඩේ පවතින ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීම. අපිට සැබෑ ආර්ථික නිදහසක් ලැබිලා නැහැ.

අපට විශ්වාස භංග යෝජනා ගේනවා.දෝෂාභියෝග ගේනවා.නමුත් ඒකෙන් මේ රටේ තියෙන බැරෑරුම් ප්‍රශ්න විසදෙනවාද?රුපියල අව ප්‍රමාණය වීම සඳහා බලපාන්නේ කවුද දේශපාලනඥයින්ද කැබිනට් මණ්ඩලයද ජනාධිපතිද අගමැතිද නැහැ. මෙතෙක් දුර බොහොම ආඩම්බරයෙන් හිතුමතේ තමන්ගෙම පාලනයක් කියා කටයුතු කරන මහ බැංකුවයි.

මහ බැංකුව කියන කියන කියන විදියට වැඩ කරලා තියෙනවා නම් මෙහෙම රුපියල බාල්දු වෙනවාද.මේකට දේශපාලනය ඇගිලි ගැහුවේ නැහැ කියනවානම් කොහොමද ඩොලර් එක රුපියල් 158 ට ඇවිත් තියෙන්නේ. අපිට අපි ගැනම ස්වයං විවේචනයක් සිදු කිරීම අවශ්‍යයි.

අපට පෙර තිබු ආණ්ඩුවටත් ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරන්න බැරි වුණේ කෙටි කාලීන ගමනක් ගිහින් ආර්ථිකය පාලනය කිරීමට කටයුතු කළ නිසයි. අපිත් හිතුවා මේ ආර්ථික ප්‍රථිපත්තිය දවසින් දවස හදාගන්න පුළුවන් වෙයි කියලා. මෙතැන අපට සෘජු තීරණ ගන්න බැරි එකයි තියෙන ප්‍රශ්නය.ඉතාම දියාරු තීරණ ගැනීමයි දැනට සිදු වන්නේ.මීට වසර දෙකකට පෙර ගන්න තිබු තීරණ අපි ගන්නේ අදයි. මෙතැන කරන්න තියෙන්නේ ඔළු මාරු කිරීම නොවෙයි ප්‍රතිපත්ති වෙනස් කිරීමයි.

මම ආණ්ඩුවට කියනවා මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හොඳ ගමනක යන්නේ. පිටරට ඉන්න සුද්දෝ ඇවිත් කියන දේවල් පිළිගෙන ඒක විනාශ කරන්න එපා.

Lankadeepa

Related posts

TNA සුමන්තිරන් සමග එයි.. යාපන සරසවි සිසු සංගම් සභාපති උසාවියට භාර වෙයි.. ක්ෂණික ඇප ලැබෙයි !

colombotoday

උතුරේ බලය ජනපති යටතට ගත යුතු බවට විග්නේෂ්වරන්ගෙන් යෝජනා

colombotoday

ජනපතිට එරෙහි මඩ ලිපි යැවීමට උත්සහගත් කිරිඇල්ලගේ ගෝලයින්ට ඇප

colombotoday

අද කොළඹ එන උද්ඝෝෂකයින්ට අධිකරණයෙන් කොන්දේසි දෙකක්

colombotoday

20ට ජනමත විචාරණයක් අවශ්‍යයි – රවුෆ් හකීම්

colombotoday

කුමන බලපෑම් පැමිණිය ද මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියටත් සිදු කරනවා – ටිරාන් අලස්

Admin