Colombo Today Local News

විරෝධතාවලට ළමයින් යොදා ගැනීමෙන් වළකින්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ දිනවල පැවැත්වෙන මහජන පෙළපාලි සහ විරෝධතාවලට ළමයින් යොදා ගැනීමෙන් වළකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.

මෙවැනි මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි අතරතුර පැනනැගුණු නොසන්සුන්කාරී තත්වයන් සහ ගැටුම් හේතුවෙන් විවිධ පාර්ශවයන් හට පීඩා සිදු වූ අතර එවැනි අවස්ථාවන් සඳහා ළමුන් සහභාගී කර ගැනීම හේතුවෙන් ඔවුන් අනතුරුවලට හෝ කායික සහ මානසික පීඩාවලට ලක්වීමේ අවදානමක් පවතින බව ඔවුන් සඳහන් කරයි.

1991 වර්ෂයේදී ශ්‍රී ලංකා රජය, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් තබා එහි පාර්ශවකරුවෙකු බවට පත්ව ඇති අතර එම ප්‍රඥප්තියේ 3වන වගන්තිය මගින් දක්වා ඇත්තේ දෙමව්පියන් සහ භාරකරුවන් ඇතුලු සියළු පාර්ශවයන් ළමයින්ගේ ආරක්ෂාව තහවුරුකොට ඔවුන්ගේ උපරිම යහපත සැලසීමට බැඳී සිටින බවයි.

Related posts

වැලිකඩට අලුත් සී.සීටී.වී. කැමරා

colombotoday

ජනමාධ්‍ය ආයතනයවලට ඉන්ධන ඉල්ලයි

colombotoday

ශත 25ක්ව තිබූ සීනි කිලෝවක බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දමයි

Admin

ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවෙසක පිපිරීමක් | අත්හදා බැලීමක් සිදු කළාදැයි විමර්ශන

colombotoday

මහගමසේකර නොදකින මාකඳුරේ මදුෂ්ව පුම්බන අපේ මාධ්‍ය

colombotoday

මහ කන්නයේ වී වගාට දියවර නිකුත් කිරීම ලබන 20 වැනිදා

colombotoday