Colombo Today Local News

නාමල්ට ඇමරිකාව තහනම් වූ හේතුව ඉන්දීය වෙබ් අඩවියක් ප්‍රථම වරට අනාවරණය කරයි !

රුසියාවේ සිට ඇමෙරිකාව වෙත ගමන් කිරීමට සූදානම් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඇමෙරිකාවට ගමන් කිරීමට නොහැකිවී තිබේ. රුසියාවේ ජනපතිවරණයට ස්වාධීන නිරීක්ෂකයෙක් ලෙස එක්ව සිටි මන්ත්‍රීවරයා රුසියාවේ සිට ඇමෙරිකාව වෙත ගමන් කිරීමට සූදානම් වී ඇත්තේ ඥාතියෙකුගේ අවමංගල්‍යයක් සඳහායි.

කෙසේ වෙතත් ඇමෙරිකානු නිලධාරීන්ගේ දැනුම් දීම මත ගුවන් යානා කාර්ය මණ්ඩලය නාමල් රාජපක්ෂ මහතා මොස්කව් සිට හූස්ටන් බලා යන ගුවන් යානයට එක් කරගෙන නොමැත. එම ගුවන් යානය ඩුබායි හරහා ඇමෙරිකාවට ගමන් කිරීමට නියමිතව තිබණත් ඩුබායි සිට ඇමෙරිකාවට ගමන් කිරීමට මන්ත්‍රිවරයාට අවස්ථාව ලබාදී නොමැත.

කෙසේ වෙතත් මේ සඳහා හේතුව කුමක්දැයි නොදන්නා නමුත් එය තමාගේ නමේ ප්‍රශ්නයක් විය නොහැකි බවත් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි. ශ්‍රී ලංකාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් වීම හෝ තමන් රුසියාවේ සිට ගමන් කිරීම මේ සඳහා හේතුව විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය නිල ආරංචි මාර්ග උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ; ශ්‍රී ලංකාව තුළ මුදල් විශුද්ධීකරණ චෝදනා තිබීම නිසා මන්ත්‍රීවරයාගේ නම ආගමන විගමන නිරීක්ෂණ ලැයිස්තුවල ඇතුලත්ව තිබීම මෙයට හේතු වී ඇති බවයි.

Related posts

හිස්බුල්ලාට-බදියුදීන්ට එරෙහිව CIDයට බරපතල පැමිණිලි…

colombotoday

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

colombotoday

ඔඩ්ඩුසුඩාන් කම්හලේ වැඩ DSI සමාගම ආරම්භ කරයි

colombotoday

ඥානසාර හිමිට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක්

colombotoday

අත්අඩංගුවට ගත් ඊ නිව්ස් කීර්ති රත්නායක ගුවන් හමුදාවෙන් පන්නා දැමූ හොරෙක්

colombotoday

පසුගිය වසර කිහිපයේ දී පොලිස් භාරයේ සිටි 15ක් මරා දාලා

Admin