Colombo Today Local News

පාර්ලිමේන්තුව අසළට ආ යුද හමුදා යතුරු පැදි කණ්ඩායමට පාට් දැමූ පොලිස් නිලධාරීන්ට වෙනම පරීක්ෂණයක්

ජපන් මිත්‍රව පාළම දෙසින් වු පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාව සිදුවන අතරතුර ඊයේ (5)දින යුද හමුදා යතුරු පැදි කණ්ඩායම් පැමිණීමත් සමග එල්ල වූ මහජන විරෝධය මැද පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කණගාටුව ප්‍රකාශ කර ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.

මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙසට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිඛිත දැනුම් දී ඇති බවද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

යතුරු පැදි 4 කින් සමන්විත යුද හමුදා කණ්ඩායමක් ඊයේ (06) පෙරවරුවේ පාර්ලමේන්තුව අසල පැවැති උද්ඝෝෂණයේදී ජනතාව අතරින් ගමන් කිරීමට යාමේ දී ජනතාවගෙන් ඔවුනට විරෝධය එල්ල කළේය.

එම විරෝධය මැද පිරිස එම ස්ථානයෙන් ඉවත්ව ගොස් නැවතත් එම ස්ථානයට පැමිණී අතර ඒ සමග ජනතා විරෝධය යළි එල්ල විය.. විරෝධතාවේ නිරතව සිටි පිරිසක් එක් යතුරු පැදියක් වටකර ගෙන උණුසුම් තත්ත්වයක් හටගැනීමෙන් පොලිස් නිලධාරීන්ට එම ස්ථානයට පැමිණියහ.

පාර්ලිමේන්තුව අසල විරෝධතාවේ නිරත ජනතාව කුපිත නොකරන ලෙසටත්, පෙරවරුවේ සිට පොලිසිය මහත් කැපවීමෙන්, එම ස්ථානයේ සිටින ජනතාව පාලනය කරගෙන සිටින බවත්, එවන් අවස්ථාවක මේ ආකාරයෙන් පැමිණ සෙල්ලම් නොකරන්නැයි ද පොලිස් නිලධාරීන් එම පිරිසට අවවාද කළේය.

එම ස්ථානයේ සිටි සහකාර පොලිස් අධිකාරිවරයකු යුද හමුදා යතුරු පැදිකරුවෙක් වෙත පරුෂ චචනයෙන් බැන වැදී අයුරුත්, තවත් සහකාර පොලිස් අධිකාරිවරයකු එක් යතුරු පැදිකරුවෙක්ට මුහුණට පහරක් එල්ල කරන අයුරුත් මාධ්‍ය මගින් ප්‍රචාරය විය.

සිද්ධිය සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා ගේ කළ විමසුකදී ඒ මහතා පැවසුවේ යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සබැදිව යුද්ධ හමුදාධිපතිතුමා විසින් ඔවුනට එරෙහිව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලිමක් කර ඇති බවයි.

ආරක්ෂක අමාත්‍යංශය ලේකම්වරයා විසින් ද මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයාට ට සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට ද දැනුම් දී ඇති බවද හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

වැලිමඩ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 5000ක් මාසිකව ඩුබායි යැවීම අරඹයි

Admin

සපුගස්කන්ද පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යන්න දින 15කට වරක් බොරතෙල් නෞකාවක් දිවයිනට

colombotoday

පළාත් කිහිපයකට මි.මී 150 ඉක්මවු මහ වැසි

colombotoday

කොරෝනා ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ ඉහල යාමක්

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

කිරි උගුරේ සිරවූ දින 40ක සිඟිත්තිය මෙලොව හැර යයි

Admin