එක්සත් ජාතික පක්ෂයේ තීන්දු තීරණ ගැනීම්වලදී මලික් සමරවික්‍රම මහතාගේ මැදිහත්වීම දැඩි ලෙස බලපෑම් සිදුකරන බව එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියා සිටී.
2004 පරාජයෙන් පරාජයෙන් පසුව මලික් සමරවික්‍රම මහතා පක්ෂ සභාපතිකමෙන් ඉල්ලා අස්වූ බවත් ඒ හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් ඇතිවූ බවද හෙතෙම සදහන් කරයි.
තමා එජාප මහලේකම්ව සිටියදී ඔහුගේ බලපෑම්වලට යටත් නොවූ බවත්, තමන් පොළොවේ පය ගහගෙන දේශපාලන කළ අයෙකු බැවින් ගමේ පාක්ෂිකයාගේ හදගැස්ම හදුනාගැනීමට හැකි වුණු බවත්, මලික් සමරවික්‍රම මහතා එවැනි තලයක නොසිටි පුද්ගලයෙකු බැවින් ඔහුට බිම් මට්ටමේ පාක්ෂකයන්ගේ අවශ්‍යතා හදුනාගැනීමට හැකියාවක් නොමැති බවද තිස්ස අත්තනායක මහතා කියා සිටී.