Colombo Today Local News

ඥනසාර හිමිට ඇප… වරෙන්තුව ආපසු කැඳවයි

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කොට තිබියදී ඊයේ (21 වැනිදා) අධිකරණයට පැමිණ භාර වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි රුපියල් 2500 ක මුදල් ඇපයක්‌ මත මුදාහැර වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් රණසිංහ බණ්‌ඩාර මහතා නියෝග කළේය.

අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවකට පෙනී නොසිටීම නිසා එහිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය පසුගිය 15 වැනිදා වරෙන්තු නිකුත් කොට තිබිණි.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති රැස්‌වීම් දෙකකදී ඉස්‌ලාම් ධර්මයට හා කුරාණයට අපහාස වන අයුරින් ප්‍රකාශ කළේ යෑයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක්‌ අනුව පරීක්‌ෂණ පැවැත්වූ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්‌ඨාසය එම නඩුව පවරා තිබිණි.

Related posts

පා. මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ජනතාව ප්‍රකෝප කරමින් තිස්ස විහාරයට එරෙහිව විරෝධයක

Admin

NMRA නිලධාරින් 5දෙනා 13වනදා තෙක් රිමාන්ඩ්

Admin

බස්නාහිරින් යන එන අයගේ ඇන්ටිජන් කරන්න පොලිසිය ආවත් සෞඛ්‍ය අංශ නෑ

colombotoday

ධීවරයන්ට බෙදා දීමට ගෙනා ටැබ් 1500ක් අතුරුදන් !

colombotoday

ඇවන්ගාඩ් සිද්ධිය යට ගහන්න නීතිපතිට බලපෑම් කළේ නෑ – ඇගමැති රනිල්

colombotoday

චන්ද්‍රිකාගේ චෝදනා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි.. නිල නිවේදනය මෙන්න

colombotoday