Colombo Today Local News

මෛත්‍රීගෙන් පූටින්ට සුබ පැතුම්

පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමුකරමින් ජනාධිපතිතුමා සඳහන් කර තිබෙන්නේ ව්ලැඩ්මීර් පුටින් මහතා ලබාගත් මෙම විශිෂ්ට ජයග‍්‍රහණය එතුමාගේ නායකත්වය සහ දේශපාලන පරිනතභාවය පිළිබඳ රුසියානු ජනතාව තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරන්නක් බවය.
රුසියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ප‍්‍රගතිශීලි සහ ශක්තිමත් සබඳතාවයක් බවට පත්කර ගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන ජනාධිපතිතුමා දෙරටේ පොදු අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට කලාපීය සහ බහුපාර්ශ්වීය වශයෙන් එක්ව කටයුතු කිරීමට දෙරටට හැකියාව ලැබෙනු ඇති බව ද සඳහන් කර තිබේ.

Related posts

එජාපය ගහන ගහන පදේට නටන්නැතිව කෙලින් තීරණයක් ගන්න – මහින්ද මෛත්‍රීට කියයි

colombotoday

උසස්පෙල උත්තරපත්‍ර සමීක්ශන පිලිබද තීරණයක්

Admin

රාජ්‍ය ඇමති හතරක්, නියෝජ්‍ය ඇමති තුනක් දිවුරයි.. අලුත් තනතුරු ලැබූ අය මෙන්න

colombotoday

නසීර්ගේ පුටුව හිස් බව මැතිසබා ලේකම්වරිය මැතිවරණ කොමිසමට දන්වයි

Admin

‘අලුත් රටට අලුත් බෙහෙත්’ – හෘද රෝගීන්ටත් මෙරටදීම බෙහෙත් නිපදවයි

colombotoday

ගම්පහ කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday