Colombo Today Local News

ගිනිඅවි දුන්නොත් සල්ලි තමයි… රජයෙන් හිමිවන මුදල මෙන්න

Karunasena-Hettiarachchi
ලබන 25 වැනිදා සිට මැයි 6 වැනිදා දක්වා අනවසර ගිනිඅවි රජයට බාර දී ඒ සඳහා මුදල් ද ලබාදීමේ අවස්ථාවක් රජය ප්‍රථම වරට ප්‍රකාශ කරයි.

ප්‍රශ්න නොවිමසා බාරදෙන ගිනි අවිවලට මුදල් ද ගෙවන බවත් බාර නොදෙන ගිනි අවි හිමියන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසී ය.

ඊයේ (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

‘ගිනි අවි ආඥා පනතේ 30 වැනි වගන්තියේ විධිවිධාන අනුව අති ඇතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අනවසර ගිනි අවි රජයට භාරදීමට අපි පොදු සමා කාලයක් දී තිබෙනවා. ළගම තිබෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පොලිස් ස්ථාන වෙත අනවසර ගිනි අවි භාර දෙන ලෙස ඉල්ලනවා. ගිනි අවි භාර දෙන පුද්ගලයන් සඳහා පතරොම් තුවක්කුවක් හෝ හා සමාන ගිනි අවියක් ගල් කටස් බඳින තුවක්කු සදහා රුපියල් 5000 ක් ද පිස්තෝලයක්/ රිවෝල්වරයක් සදහා රුපියල් 10000ක් ද, ටී 56 ගිනි අවියක් සඳහා රුපියල් 25000 ක් ද ලබා දෙනවා.‘ යැයි ද ඔහු පැවසී ය.

Related posts

දුරකථන ඇමතුම් ගාස්තු 44% කින් ඉහළට

colombotoday

“ගමේ ශ්‍රීලනිප පාක්‍ෂිකයා තවමත් මහින්දත් එක්‌කයි.. අපි ළගදිම එකතු වෙනවා” – ඉසුර දේවප්‍රිය

colombotoday

කුලියාපිටිය බිංගිරිය දුම්මලසූරිය හා හෙට්ටිපොළට නැවතත් ඇඳිරි නීතිය

colombotoday

බුහාරි හන්දියේදී අල්ලස් ගත් පොලිස් සැරයන් දැලේ!

Admin

ඩිලාන් පෙරේරා ඉවතට… ශ්‍රීලනිපයට නව මාධ්‍ය ප්‍රකාශකයෙක් පත් කරයි

colombotoday

ශ්‍රීලනිපය මොනව කීවත් විධායක ජනපති ධූරය අහෝසි කරනවා – අජිත් පී පෙරේරා

colombotoday