ශ්‍රී ලංකාව හා චීනය අතර පාර්ලිමේන්තු සබඳතා සවිමත් කිරීමේ අරමුණින් චීන රජයෙන් ලද විශේෂ ආරාධනයකට අනුව කතානායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකවරු ඊයේ (09දා) සන්ධ්‍යාවේදී චීන සංචාරයකට එක්වූහ.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඇමති සුසිල් ප්‍රේමජයන්ත, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, ඊ.පී.ඩී.පී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරු එක්වූහ.
මෙම සංචාරය සඳහා සම්පූර්ණ අනුග්‍රහය දක්වනු ලබන්නේ චීන රජය විසිනි. සංචාරයේදී චීනයේ කතානායක, ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් රැසක් හමුවීමට නියමිත බව කතානායක කාර්යාලය නිවේදනය කරයි.
එසේම චීනයේ මෑත කාලීන ආර්ථික ප්රවණතා පිළිබඳව අධ්‍යයනය කිරීමටද මෙම සංචාරය තුළින් සිදුකිරීමට නියමිතය.