Colombo Today Local News

මිනිස් ඝාතන චෝදනාවකට වරදකරැ වූ විත්තිකරුවෙකුට මහාධිකරණයෙන් මරණිය දන්ඩණය.

මිනිස් ඝාතන චෝදනාවකට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

මෙසේ දඬුවම් නියම වුණේ, කොළඹ -15, අලුත් මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය.

2013 වසරේ දෙසැම්බර් මස 30 වෙනි දා මෝදර ප්‍රදේශයේදී කේ. ගාමිණී නැමැත්තෙකු පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

එම නඩුව දීර්ඝ ලෙස විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විත්තිකරු වෙත එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.

ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම විය.

Related posts

“සිංහලයන්ගෙන් 68%ක් බලය බෙදීමට එකඟයි. ප්‍රංශයත් එක්ක මං කළ සමීක්ෂණයෙන් හෙළි වුණා”

colombotoday

වතු නිවාස පේළියක ගින්නක්.. නිවාස දහයක් සම්පුර්ණයෙන් ම විනාශයට

colombotoday

හිටපු පොලිස් නිලධාරියෙක් ගස් බැඳ පහර දී ඝාතනය කරලා

Admin

රවී කරුණානායකට අමාත්‍යාංශය අහිමි වේ? – අර්ජුන් මහෙන්ද්‍රන්ටත් ගෙදර යන්න වෙන ලකුණු

colombotoday

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

colombotoday

නීතිඥවරියගේ නිවසට ගල් ගසා නිරුවත පෙන්වු පුද්ගලයාට වුණ දේ

colombotoday