World

අදට දින 16යි.. ජයලලිතා සිහි සුන්ව තවමත් රෝහලේ !

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් රෝහල් ගතකර අදට (07) දින 16ක් ගතවී ඇතත් තවදුරටත් ඇය සිහිසුන්වම සිටින බවට රෝහල් ආරංචිමාර්ග උපුටා දක්වමින් ඉන්දියාවේ ජනමාධ්‍ය වාර්තා කරයි

රෝහල්ගත කර සිටියෙදී ඇය මියගිය බවට අවස්ථා කිහිපයකදීම කටකතා පැතිරුණු බව සදහන් කරන එම මාධ්‍ය ඇගේ රෝගී තත්ත්වය හෝ වත්මන් තත්වය නිසි ආකාරව දැන ගැනීමට කිසිවෙකුටත් නොහැකි වී ඇති බවත්, ඇගේ ඥාතීන් හෝ ඇගේ රෝගී තත්වය පිළිබදව කිසිවක් ප්‍රකාශ නොකරන බවත් සදහන් කරයි.

මේ අනුව ජයලලිතා ජයරාම් ට තමිල්නාඩුවේ හිටපු මහ ඇමති එම්.ජී.රාමචන්ද්‍රන්ට (එම්ජීආර්) හා සමාන රෝගී තතිවයක් හටගෙන ඇතිදැයි ඉන්දීය මාධ්‍ය කිහිපයක්ම ප්‍රශ්නයක් මතුකර තිබිණි. තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එම්ජී රාමචන්ද්‍රන් 1984 ඔක්තෝබර් මාසයේ හිටි හැටියේ රෝගාතුර වූ අතර ඔහුගේ මොළය මිය යාමේ හේතුව මත ඉන්දියාවේ ඇපලෝ රෝහල වෙත ඇතුළත් කර තිබිණි. දින ගණකනාවක් සිහිසුන්ව සිටි එම්.ජී.ආර් එම රෝහලේදීම මිය ගියේය. එවන් රෝගී තත්වයකට ජයලලිතාත් පත්ව සිටින්නේදැයි සැක මතුවන බවද එම මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

කොරෝනා වෛරසය පැතිරවීම: ඉන්දියාවේ පැරණිම මුස්ලිම් සංවිධානය වන තබ්ලික් ජමාත්ට විරුද්ධව නඩු දමයි

colombotoday

ඇමෙරිකන් ජනාධිපතිට පිළිකාවක්

colombotoday

රුසියානු ප්‍රහාරක යානා ISIS ඉලක්ක 600 ක් විනාශ කෙරේ – Video

colombotoday

අක්‍රිය වූ චන්ද්‍රිකාවක් කඩාගෙන වැටේ

Admin

සුවය ලබා සිටි කොරෝනා රෝගියෙකුට මාස 4කට පසු නැවත කොරෝනා වැළඳෙයි

colombotoday

මියන්මාර හමුදා අධිකරණය අවුන්සාන් සුකී තවත් වසර හතකට සිර කරයි

Admin