World

ඇමෙරිකන් ජනාධිපතිට පිළිකාවක්

තමන් පිළිකා රෝගියකු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ.

බයිඩන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කළේ, අතහැර දැමුණු ගල් අගුරු පතල් කම්හලක කළ සංචාරය කරමින්, මාධ්‍ය හමුවකට එක් වෙමිනි. බයිඩන් එම ප්‍රකාශය කරන වීඩියෝ දසුන් ඔහුගේ ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. ප්‍රකාශය දුටු බොහෝ දෙනා බයිඩන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමට ද කටයුතු කර තිබුණි.

තෙල් පිරිපහදු සහ ගල් අගුරු කම්හල් මගින් පරිසරයට විෂ නිකුත් වන බවත්, ඒවා ශරීරයට අහිතකර බවත් රැස්ව සිටි පිරිසට බයිඩන් පෙන්වා දුන්නේය. තමන් ද පිළිකා රෝගියකු බව ජනාධිපති බයිඩන් අනාවරණය කළේ එම අවස්ථාවේදීය.

එම ප්‍රකාශයත් සමඟ බයිඩන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කිරීමට පටන් ගත්හ. ඒ අනුව, ධවල මන්දිරය වහා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය.

ධවල මන්දිරය පැහැදිලි කරමින් කියා සිටියේ ජනාධිපති ධුරයට පත් වීමට පෙර, බයිඩන්ට චර්ම පිළිකාවක් තිබුණු බවත්, ඔහු ජනාධිපති ධුරයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළේ එම පිළිකාවට නිසි ලෙස ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව බවත්ය.

(රොයිටර්)

Related posts

මෙක්සිකෝවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 30000 ඉක්මවයි

colombotoday

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර භූ චලනයක්

colombotoday

ජපානය නැවතත් සෙළවෙයි. රිච්‍ටර් මාපක7ක භූමිකම්පාවක්, සුනාමියක්! – Video

colombotoday

ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ !

colombotoday

ජපානයේ සිය දිවි නසාගැනීමේ කඳුකරයේ දී මිනිසුන් 600 කට නැවත පණ දුන් යුකියෝ ෂීගේ

colombotoday

සුඩානයටත් ඇඳිරි නීතිය පනවයි

colombotoday