Colombo Today Local News

කැළණි ගග තවත් සැර වෙයි.. කිසිදු සහන සේවාවක් නොළැබුණු මහ පිරිසක් අනතුරේ

AID_8956

අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට විවිධ කණ්ඩායම් ක්‍රියාත්මක වුවද මෙතෙක් කිසිදු සහන සේවාවක් නොලැබූ පිරිස් රැසක් දිවයින පුරා සිටිනබව අද ට වාර්තා වේ.

කොළඹ ස්ථාන රැසක්ම මේවනවිට ජලයෙන් යටවී ඇති අතර, ඒ සියලුම ස්ථාන කරා සහන සේවකයන් මෙතෙක් ළඟා වී නොමැත. එමෙන්ම ආපදාවට ලක් වූ පිරිස් වෙත ආහාරපානද ලැබී නැතැයි වාර්තා වේ. මේපිළිබඳ සහන සේවා සහ ජීවිත බේරාගැනීමේ අංශ මගින් අපකළ විමසීමේදී දැනගැනීමට ලැබුණේ කැලණි ගඟේ ජල ප්‍රවාහය අස්වාභාවික ලෙස ප්‍රචණ්ඩවී ඇති හෙයින් ගඟේ බෝට්ටු ගමනාගමනයද අනතුරුදායක වී ඇති බවය.

මේ නිසාම කොටුවූ පිරිස් සිටින ඇතැම් පෙදෙස්වලට ආහාර පාන සැපයීම ප්‍රශ්නයක් වී ඇතැයිද, අවතැන්වූ ඇතැමුන් කෑම ඉල්ලා පණිවුඩ එවන නමුත් ගඟේ සැඩපහර නිසා එම ප්‍රදේශවෙත ළඟා විය නොහැකි බවද සහන සේවකයෝ පැවසූහ.

මේ අතර කැලණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින්, කොළඹ ජලසැපයුමට බාධාවක් විය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.

එමෙන්ම මාලඹේ ප්‍රදේශයේ ගෘහාශ්‍රිත නළ ජලය මඩ පැහැයට මිශ්‍ර අව පැහැයක් ගෙන ඇති බව ජල පාරිභෝගිකයෝ පැවසූහ.

ජල නළ මාර්ග බොහොමයක් ගංවතුරට යටවීමෙන් අබලන්වීම ඊට හේතුව බවත්, හැකි ඉක්මනින් පොම්පාගාරවල ජල පොම්ප යථා තත්ත්වයට පත්කරන බවත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය%අද^ කළ විමසීකදීසඳහන් කළේය.

Ada.lk

Related posts

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය ජනපති මන්දිරය අසලට කඩා වදී

colombotoday

දඹදිව සිට ඇවිත් ඥාණසාර හිමි ගුවන්තොටුපළේදී කීව දේ (Video)

colombotoday

පොලිස් භාරයේදී පුද්ගලයෙකු මිය යයි – සැකපිට නිලධාරීන් 7ක් අත්අඩංගුවට

Admin

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

නීතිවිරෝධී සංක්‍රමණිකයෝ 35ක් පානදුර මුහුදෙදී අත්අඩංගුවට

colombotoday

අධිකරණයට අපහාස කල බවට හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පැමිණිල්ලක්

Admin