Colombo Today Local News

රාජ්‍ය පොලිස් බුද්ධි අංශ වහාම සක්‍රීය කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම අනියුක්ත කර තිබු රාජ්‍ය බුද්ධි අංශ ඒකක වහාම ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

පාතාලයට මෙන්ම විවිධ ජාවාරම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට තොරතුරු ලබා දීමට බුද්ධි අංශ ස්ථාපිත කර තිබූ බවත්, පසුගිය පාලන සමයේ දී ඒවා අහෝසි කර ත්‍රස්ත විමර්ශන ඒකක සහ ත්‍රිවිධ හමුදා බුද්ධි අංශවලට එම කාර්යය භාරය පවරා තිබූ බවත් පැවසේ.

තව ද පොලිස් බල ප්‍රදේශවල සිදු වන මිනීමැරීම්, කොල්ලකෑම් වැනි දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් එම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් වගකීම භාර ගත යුතු බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා නීතිය සහ සාමය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

ඊට අමතරව පළාතේ සිදු වන එවැනි අපරාධ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානය භාර ස්ථානාධිපතිවරයා ද වගකීම දැරිය යුතු බව ද දැනුම් දී ඇති අතර පසුගිය දිනවල සිදු වු පාතාල සිද්ධීන් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් වගකීම භාර ගැනීමක් සිදු නොවීම නිසා මේ නියෝගය සිදු කර තිබෙන බව සඳහන් වේ.

Related posts

අගමැතිගෙන් චිට් තුනක්..! අනුර, සම්බන්ධන්, සුමන්තිරන් නැගිට යයි..! පාර්ලිමේන්තුවේ ඊයේ වු අමුතු වැඩේ මෙන්න..!

colombotoday

අලුත් අගමැති රාජිත ?

colombotoday

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය

colombotoday

අපි ණය අරන් රටම සංවර්ධනය කළා.. මේ රජය ඩොලර් මිලියන 6000ක ණය අරන්, බෝක්කු කටක් හදල නෑ

colombotoday

රිෂාඩ් බදුර්දීන් බේරාගන්න තවත් උත්සහයක්. | සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හතළිහක් අත්සන් තබති.

colombotoday

මැයි දින කතාව නිසා ෆොන්සේකාට ශ්‍රීලනිප-එජාප දෙපාර්ශවයෙන්ම ලෙඩක් වැටෙයි…

colombotoday