Colombo Today Local News

“ජනපති සමග ජපන් ගියේ උලපනේ සුමංගල හිමියන් පමණයි” – ජනපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජපන් සංචාරයේ දූත පිරිසේ සාමාජිකයෙකු ලෙස බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද සහභාගී වී ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පලවන ප්‍රකාශ අසත්‍ය බව ජනාධිපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු මහතා පවසයි.

‘කලම්බු ටෙලිග්‍රාෆ්‘ වෙබ් අඩවිය සමග අදහස් පලකරමින් ජනාධිපති ලේකම්වරයා සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයා සමග ජපාන සංචාරයට සහභාගී ඇති එකම භික්ෂූන් වහන්සේ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පමණක් බවයි.

මේ අතර, ජපානයේ නිල සංචාරයේ යෙදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එරට ලාංකික බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් අතර පැවැති හමුවකට, ජපානයේ සුකුබා බෞද්ධ විහාරස්ථානයේ සහ ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට ජපානයට ගොස් සිටින ඥණසාර හිමියන්ද සහභාගී වූ බවත්, එය සුළු මොහොතක හමුවීමක් පමණක් මිස සැලසුම්සහගත හමුවක් නොවන බවත් බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ මහතා පවසයි.

ඥාණසාර හිමියන් විදෙස්ගත වීමට නියමිතව තිබුණේ ඉකුත් පස්වනදා බවත්, මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය නිසා එහිමියන් ගමන ප්‍රමාද කළ බවත් විතානගේ මහතා සදහන් කරයි.

මේ අතර, ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් ඩිලන්ත මහතා කියා සිටියේ උන්වහන්සේ (15) ලංකාවට පැමිණීමට නියමිතව සිටි බවත්, ජපානයට යාම ප්‍රමාද වූ හෙයින් ඔහුට නැවත පැමිණීමේ ගුවන් ප්‍රවේශ පත්‍රය (15) දිනට යොදා ගැනීමට නොහැකිවීම නිසා මේ තත්ත්වය ඇති වූ බවයි.

Related posts

දූෂිතයන්ට ඇමතිකම් දීලා, පරීක්ෂණ යට ගහලා, යහපාලනය හොරුන්ට රහපාලනයක් වෙලා – දූෂණ විරෝධී හඩ

colombotoday

කිරිඇල්ල වෙනුවෙනුවෙන් මල්වතු නාහිමි පෙරට

Admin

කෝටි දෙකක කේරළ ගංජා තලෙයිමන්නාරම මුහුදු තීරයෙන් හමුවෙයි

colombotoday

ජනපතිට අගමැතිට නැති ආරක්ෂාවක් මන්ත්‍රීට දෙන්නෑ.. මහින්දගේ හමුදා ආරක්ෂාව මැයි 01 න් ඉවරයි

colombotoday

ධීවර වරායේ මගඩියෙන් රජයට කෝටි 48ක් පාඩුයි.. “හොරු අල්ලන රාජිතගේ” තවත් වැඩක් එළියට !

colombotoday

රිෂාඩ් බදුර්දීන් සඟවාගෙන නොසිටි බව ජවිපෙ නායකයා කියයි.

colombotoday