Colombo Today Local News

බැඳුම්කරයටත් වඩා දරුණු රිෂාඩ් බදුර්දීන් සිදුකල විල්පත්තු වන සංහාරය සොයන්න කොමිසමක් පත් කරන්න – දූෂණ විරෝධී පෙරමුණ

මහ බැංකු බැඳුම්කරයටත් වඩා දරුණු අපරාධයක් සිදුකර ඇති විල්පත්තුව විලන්තිකුලම් වන සංහාරය පිළිබඳව සොයා බැලීම සඳහා කඩිනමින් ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවත්, ඊට සම්බන්ධ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවත් දූෂණ විරෝධී පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
වන සංහාරය පිළිබඳව විගණන දෙපාර්තමේන්තු විශේෂ වාර්තාව මේ වන විට ජනාධිපතිවරයාට භාරදී ඇති බවත් එම වාර්තාව අනුව ඍජුවම වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යවරයාට සහ වන සංරක්ෂණ ජනරාල්වරයාට චෝදනා එල්ල වන බවත් එම පෙරමුණ පෙන්වා දෙයි.

සුළු ජාතීන්ගේ ඡන්දවලට ගිජු නොවී, සිදුකර ඇති මෙම වන සංහාරය පිළිබඳව අවධානය යොමු කොට රිෂාඩ් බදියුදීන් මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද කටයුතු කළ යුතු බව පසුගිය 28දා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ.

Related posts

රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම ඇරඹෙයි

colombotoday

හෙරොයින් වෙනුවට ගෙනා මත් කරල් කිලෝ 34ක් අල්ලයි

Admin

ජනපතිගේ ඔත්තුකරුවන් වැඩ අරඹයි.. පොහොට්ටු පුම්බන්න යන මන්ත්‍රීන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් !

colombotoday

ඊළමට පණ දෙන්න ප්‍රබල කොටි 67ක් රටවල් 12ක සිට වැඩ !

colombotoday

පාසල් ගිය බසයටම යට වී 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

Admin

MCC අත්සන් නොකිරීමට ජනපති තීරණය කරයි !

colombotoday