Uncategorized

පිරවුම්හල් අසල කලබල කලොත් තෙල් දෙන්නේ නෑ!

බලශක්ති ඇමති දැඩි ප්‍රතිපත්තිමය තීරණයක් ගනී
ඉන්ධන බවුසර් වලට ජනතාව විසින් සිදුකරන බලපෑම් දිගින් දිගටම පැවතියහොත් බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

බවුසර් රථ ඇනවුමට අදාළ නොවන ඉන්ධන පිරවුම්හල් වෙත ගොඩබාන ලෙස ජනතාව විසින් බලපෑම් සිදුකරන බවත් එසේ නොකළහොත් බවුසර් රථ සඳහා ගිනිතබන බවටජනතාව විසින් තර්ජනය කිරිමේ සිදුවීම් වාර්තා වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ආරක්ෂාව තහවුරු නොකරහොත් සියලුම ඉන්ධනහල් වසා දැමීමට තීරණය කරන බව ඉන්ධන පිරවුම් හල් හිමියන්ගේ සංගමය තමාට පැවසූ බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් අසල මාර්ගය අවහිර කරමින් හෝ පිරවුම්හල් අසල කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් එවැනි පිරවුම්හල්වලටද ඉන්ධන ප්‍රවාහනය නොකිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.

Related posts

Red is a must-have trend this season and not just for Christmas

colombotoday

පාර්ලිමේන්තු එන අපේ හැම මන්ත්‍රී කෙනෙක්ම වැටුප පක්ෂයට දෙනවා

Admin

බදු පැනවීම ගැන සුබ ආරංචියක්

Admin

මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

Admin

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

colombotoday

ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන T20 දෙවන තරගය අද

Admin