කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කරල ලද ආණමඩුව නගරයේ පිහිටි “මදීනා මුස්ලිම් හෝටලය“ ඊයේ පසුවරුව වන විට තිබූ තත්ත්වයටත් වඩා හොදට ඉදිකර වෙළදාම් කටයුතු සදහා විවෘත කරනු ලැබිය.
පැය 12කටත් අඩු කාලයකින් වෙළදසැල පිලිසකර කර, වෙළදාම සදහා කෑම බීමද ගෙනැවිත්, භික්ෂුන් වහන්සේ, පූජකයන්, එජාප සහ සන්ධාන දේශපාලන නායකත්වය, පොලිසිය සහ ප්රදේශවාසීන් මේ සදහා ඉමහත් කැපවීමෙන් කටයුතු කළේය.
මෙම වෙළදසැල ගිනි තබන්නට පැමිණිබවට සැක පුද්ගලයන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසේ.