Colombo Today Local News

මා කියන දේ ඉහළ නායකත්වයට ඇහෙන්නෙ නෑ.. කණගාටුයි – රාජ්‍ය ඇමති වසන්ත සේනානායක

තමන් කියන දේ ඉහළ නායකත්වය නොදැකීම හේතුවෙන් තමන් දුකට පත්ව ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා පැවසීය සිටියේය. මනම්පිටියේ පැවැති උත්සවයකට  (11දා) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

“මේ රටේ හැමෝම ජීවත් වෙන්නේ ශ්‍රී ලාංකිකයන් කියන අනන්‍යතාව මතයි. මේ අයුරින් කිසිදු ජාති භේදයකින් තොරව සමගියෙන් එකිනෙකාට උපකාර කරගෙන ජීවත් වීමෙන් රටක් ගොඩනගන්න පුළුවන්. ඒ වගේම සංවර්ධන ප්‍රතිලාභවලින් තමයි ආර්ථිකය ගොඩගන්න පුළුවන් වෙන්නේ. මේ නිසා හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා අනෙකා ගැන හිතන්න.

ඒ සඳහා මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනවා. මේ සඳහා මා දක්වන කැපවීම ඉහළ නායකත්වය නොදැකීම පිළිබඳව මට ඇත්තේ කනගාටුවක්. මේ ප්‍රදේශවල ජීවත් වන බොහෝ පිරිසක් මුහුණ දෙන ගැටලු පිළිබඳ මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒවා පිළිබඳව මම පක්ෂ නායකයන් දැනුවත් කළත් ඔවුන්ට කාගෙන්වත් සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ.” යැයි ද පවසා සිටියේය.

Related posts

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය මහබාගේ මංසන්ධියෙන් අවහිර වෙයි

colombotoday

ජනපති ප්‍රධානත්වයෙන් සර්වාගමික සමුළුව කොළඹදී !

colombotoday

බේරුවල ධීවර වරාය වැසෙයි : පෑලියගොඩට මාළු ගෙනා 10 දෙනෙකුට කොරෝනා

colombotoday

රෝගීව මිය ගිය සද්දන්තයාට අවසන් ගෞරව

colombotoday

ජනපති අණින් 800ක් ආරක්ෂක බලඇණිය ඉවත් කරයි… රනිල්ගේ ආරක්ෂාව 10ට බස්සයි….

colombotoday

බස් ගාස්තු සංශෝධනය වනතුරු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි.

colombotoday