Colombo Today Local News

පාර්ලිමේන්තුවේ ගුටි කෙළියෙන් මන්ත්‍රීවරයෙකුට තුවාලයි.. වහාම රෝහල්ගත කරයි

parliment attack2

පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයේදී ගැටුමට මැදිවූ කෑගල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

එම නොසන්සුන්තාවයට මැදිහත්වූ මන්ත්‍රීවරයා බිම ඇද වැටුණු බවත් එයින් සුළු තුවාල ලැබූ බවත් වාර්තාවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂකයින් වෙනුවට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂකයින් යෙදවීම ගැන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කරුණු දක්වද්දී මෙම ගැටුම ආරම්භ විය.

කෙසේ වෙතත් කථානායකවරයා විසින් මේවන විට පාර්ලිමේන්තුව සුළු වේලාවකට කල්තබා ති‍බේ.

Related posts

සංකූලතා නොමැති ආසාදිතයින් සඳුදා සිට නිවෙස් නිරෝධායනයට

colombotoday

යෞවන කටයුතු අගමැති රනිල්ට…

colombotoday

“ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දැමීම ආර්ථික අර්බුදයට පිළියමක් නොවේ”

colombotoday

ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක් මිය යයි

colombotoday

රණවිරු දඩයම ආපසු හරවන්න ජනාධිපති කොමිසමක්

colombotoday

විහාරස්ථාන 6ක් පූජා භූමි ලෙස නම් කරයි.

Admin