මෙට්රික් ටොන් 40000ක පෙට්රල් තොගයක් රැගත් ‘Neverska Lady’ නෞකාව ශ්රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වී තිබෙන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.
නෞකාව අද රාත්රී 8 – 8.30 කාලය තුළදී මුතුරාජවෙල ජැටිය වෙත පැමිණීමිට නියමිතව ඇති අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් මෙට්රික් ටොන් 32500ක් මුතුරාජවෙල ගබඩා සංකීර්ණය වෙතත්, මෙට්රික් ටොන් 7500ක් කොලොන්නාව ගබඩාව වෙත ගොඩබෑමටත් නියමිතය.
පැය 48ක් ඇතුළත සමස්ථ ඉන්ධන තොගයම ගොඩබෑමට හැකිවන අතර, හෙට පස්වරු දෙක පමණ සිට තෙල් බෙදාහැරීමට නියමිත බව ඛණිජතෙල් සංස්ථාව පවසයි.