Colombo Today Local News

හිතේ ගින්දරින් එකතු කළ ආධාර නිලධාරීන්ගේ මකර කටට.. ලකුණු ආණ්ඩුවේ දේශපාලකයන්ට !

donation 1215

ජල ගැලීම් නිසා ආපදාවට ලක්වූ සහෝදර ජනතාවට වෙත දිවයින පුරා පරිත්‍යාගශීලින් විසින් එකතුකළ ආහාර ද්‍රව්‍ය ඇතුළු සහනාධාර දිගින් දිගටම ලැබෙමින් පැවතෙන අතර එම ආධාර ද්‍රව්‍ය ආපදාවට ලක්වූවන්ට බෙදා දීම සදහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලෙහි අධික ලෙස දූෂණ අක්‍රමිකතා සිදුවන බවට චෝදනා එල්ලවෙමින් පවතිනවා. මේ හේතුවෙත් සහනාධාර ලැබිය යුත්තන්ට නොලැබී රජයේ නිලධාරීන්ගේ සාක්කුවට යන බවයි සදහන් වන්නේ.

ආධාර ලබා දීම සදහා තනි කණ්ඩායම් වශයෙන් නොයන ලෙසත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක කරන සහනාධාර වැඩපිළිවෙල සදහා එම ආධාර ද්‍රව්‍ය ගෙනැවිත් බාරදෙන ලෙස රජය නිවේදනය කර තිබෙනවා.

අදාළ වැඩපිළිවෙලෙහි සිදුවන දූෂණ පිළිබදව සමාජ ජාලා ඔස්සේ උදාහරණ සහිතවම අදහස් දක්වා ඇති පරිත්‍යාගශීලීන් සදහන් කරන්නේ එම ආධාර ද්‍රව්‍ය වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් විසින් ගසා කන බවත්, ආපදාවට ලක්වූවන්ට ලැබෙන්නේ සොච්චමක් පමණක් බවත්ය.

මේ අතර රට පුරා පරිත්‍යාගශීලීන් විසින් ගෙනැවිත් භාරදෙන ද්‍රව්‍ය රජයේ දේශපාලකයන් විසින් තමන්ගේ පෞද්ගලික ආධාර ලෙස ජනතාවට බෙදා දෙමින් සිටින බවද චෝදනා එල්ලවන අතර කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් තමන්ගේ රුව සහිත ලේබල් අලවා ආධාර පාර්සල් බෙදා දී ඇති බවද සදහන් වනවා.

මේ හේතුවෙන් බොහොමයක් පිරිස් ඉල්ලා තිබෙන්නේ සහනාධාර ආරක්ෂක අංශ වලට මිස ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා නොදෙන ලෙසයි.

එවැනි එක් සිදුවීමක් සම්බන්ධයෙන් රංගන ශිල්පී කාංචන කොඩිතුවක්කු මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සදහන් කර තිබුණා

2016-05-23_112651

Related posts

මරණීය දණ්ඩනය හිමි වූ සිරකරුවන් මෙවර උසස් පෙළ ලියයි

Admin

මුදල් සංශෝධන පනත් කෙටුම්පත ගැන සුනිල් හදුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

ආර්ථිකය ගොඩ දාන අලුත් මුදල් ඇමති මෙන්න

Admin

පාර්ලිමේන්තුව අසළට ආ යුද හමුදා යතුරු පැදි කණ්ඩායමට පාට් දැමූ පොලිස් නිලධාරීන්ට වෙනම පරීක්ෂණයක්

colombotoday

දැන් කාලේ හරි විශ්‍රාම සුවයෙන් නිවසේ සිටින්න

colombotoday

ආශු මාරසිංහ ජනාධිපති උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Admin