Colombo Today Local News

රාජකීය විදුහලේ සිසුවා රෝහලේ සිටිද්දී පහරදුන් සජිත් කුලරත්නට ක්‍ෂණික ඇප

රාජකීය විදුහල හා ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහල අතර පසුගිය 18 වනදා එස්.එස්.සි. ක්‍රීඩාංගනයේ පැවති සීමිත පන්දුවාර තරඟ අතරතුරදී තරඟ සංවිධාන කමිටුවේ සාමාජිකයකු වන සජිත් කුලරත්න විසින් සිසුවකුට මාරාන්තික පහරදීමක් සිදුකර ඇති අතර සිසුවා ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

නමුත් පහරදුන් පුද්ගලයාට විරුද්ධව නිතිය ක්‍රියාත්මක නොවුණු අතර අන්තර්ජාල මාධ්‍ය දිගින් දිගටම වාර්තාකිරීම සහ පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ මව පොලිස්පතිවරයාට පැමිණිලි කිරීම හේතුවෙන් පසුගිය බදාදා (22) පහරදුන් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත් නමුත්, ඔහුගේ දේශපාලන හිතවත්කම් හේතුවෙන් ක්‍ෂණික ඇප ලබාදීමට අවශ්‍ය වටපිටාව පොලිසිය සකසා දී ඇත. ඒ අනුව රුපියල් 50 000ක ශරීර ඇප මත සිසුවා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අවස්ථාවක සජිත් කුලරත්නට නිදහස හිමි විය.

Related posts

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට විසි කළ ජංගම දුරකථන

colombotoday

හොරෙක් වෙනුවට ලෝක හොරෙක් පත්කිරීම ගැන මාධ්‍යවේදීන් අසයි.. රාජිත, තලතා කට උත්තර නැතිව අසරණ වෙයි (Video)

colombotoday

වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්

Admin

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1649 දක්වා ඉහළට

colombotoday

චක්‍රලේඛ වලට පටහැනිව පාසල් තුළ මුදල් එකතුකළොත් වැඩ වරදී…

colombotoday

අයවැය ප්‍රකාශය : පෞද්ගලික අංශයටත් ප්‍රතිලාභ ලැබෙන රක්ෂණයක් ලබාදීමට යෝජනා

Admin