මුස්ලිම් පිරිසක් විසින් පහරදීම හේතුවෙන් ජීවිතය අහිමිවූ ලොරිරථ රියදුරු එම්. ජී. කුමාරසිංහගේ පවුලට සහ ඇතිවූ කලබලකාරී තත්වය අතරතුර නිවසක් තුල පිලිස්සී මියගිය සම්සුදීන් අබ්දුල් බාසිත් (28) තරුණයාගේ පවුලට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක මුල්යදාරයක් සහ මන්ත්‍රී වැටුපෙන් පවුල් දෙකට මාසිකව රුපියල් 20000 බැගින් ලබා දීමට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පෙරේදා (14) දින කටයුතු කර සිටියේය.
පසුගිය පළාත්පාලන මැතිවරණයෙන් කොළඹ නගර සභාව සඳහා තේරී පත්වූ මන්තිරිවරුන් සමග එම නිවෙස්වලට පැමිණි මන්ත්‍රීවරයා මෙලෙස ආදාර මුදල් ලබාදීමට ක්‍රියා කර සිටියේය.