Colombo Today Local News

බැඳුම්කර මගඩියෙන් මැතිසබය රත්වෙයි

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරීක්‍ෂා කර කෝප් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පිළිබඳ ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේ පැය 9 ක්‌ පුරා පැවැති විවාදය උණුසුම් විය.

මෙම විවාදය කල්තැබීමේ විවාදයක්‌ ලෙස පැවැත්වූ අතර විවාදය ආරම්භ වීමට පෙර කථානායක කරු ජයසූරිය මහතා සභාවට දැනුම් දුන්නේ විවාදයේදී කිසිම මන්ත්‍රීවරයකු කිසිවකුට පෞද්ගලිකව චරිත ඝාතනය සිදු නොකරන ලෙසය.

අනතුරුව විවාදය සඳහා යෝජනාව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලදී. දිසානායක මහතාගේ යෝජනාව බන්දුල ගුණවර්ධන මහතා විසින් ස්‌ථිර කරනු ලැබීය.

විවාදයට එක්‌ව කතා කළ ආණ්‌ඩු පක්‍ෂයේ සිටින ශ්‍රීලනිප ඇමැතිවරු ද, ඒකාබද්ධ විපක්‍ෂයේ සහ ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරු ද, විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ද බැඳුම්කර ගනුදෙනුවේදී වංචාවක්‌ සිදුව ඇති නිසා වරදකරුවන්ට දඬුවම් කළ යුතු බව ප්‍රකාශ කළහ.

මෙම ගනුදෙනුවේදී වරදක්‌ සිදුව නැතැයි ආණ්‌ඩුවේ සිටින එජාප ඇමැතිවරු සහ මන්ත්‍රීවරු කීහ.

ඒකාබද්ධ විපක්‍ෂයේ විමල් වීරවංශ මහතා රිමාන්ඩ් භාරයේ සිට සභාවට පැමිණ කතා කරද්දී ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු ඝෝෂා කරමින් ඔහුට බාධා කළහ.

ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති බැඳුම්කර විවාදයට එක්‌වෙමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ බැඳුම්කරයෙන් හොරකමක්‌ සිදුවී ඇති බව පැහැදිලි නිසා වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසයි.

මෙම විවාදයට එක්‌වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ පර්පචුවල් සමාගම තහනම් කළ යුතු බවයි.

සභානායක ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ කිසිවක්‌ සැඟවීමට නොමැති බවයි.

මෙම විවාදයට එක්‌වූ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ බැඳුම්කර සිද්ධිය ගැන පරීක්‌ෂණයක්‌ද පැවැත්වීමට හැකි වුණේ යහපාලන රජයක්‌ පැවතීම නිසා බවයි. මෙහිදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ පර්පචුවල් සමාගම කෙටි කාලයක්‌ තුළ අධික ලාභයක්‌ ලැබීම සැකසහිත බවයි. මෙහිදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ බැඳුම්කර වංචාව නිසා සමස්‌ත ආර්ථිකයටම බරපතළ පහරක්‌ වැදුණු බවයි.

මෙවැනි බාධා කිරීම් සහ ඝෝෂා කිරීම් විටින් විට විවාදය පුරා දක්‌නට ලැබිණි. පෙරවරු 10.30 ට ආරම්භ වූ විවාදය රාත්‍රි 7.30 දක්‌වා පැවැත්විණි.

– divaina –

Related posts

පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

අමාත්‍යාංශ 38ක් අසාර්ථකයි.. වරද ලේකම්වරුන් පිට පැටවෙයි.. වැඩබැරි ඇමතිලා ශුද්දයි !!

colombotoday

මහමැතිවරණයේදි නව රජයට තුනෙන් ‌දෙකක බලයක් දිමට ශ්‍රීලනිප ක්‍රියා කළයුතුයි – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියයි

colombotoday

රට වසා දැමීමේ තීරණයක් නැහැ

colombotoday

රනිල් අගමැතිවීමේ ජය සමරා රවීගෙන් රථ පෙළපාලියක්…

colombotoday

හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරිනීතිය පනවයි. නගරය නොසන්සුන්

colombotoday