Colombo Today Local News

මුසලිම් ජනතාවගේ කඩ සාප්පු හා දේපළ සුරක්ෂිත කර දෙන්න – බදුර්දීන් ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලයි

මහනුවර දිස්ත්‍රික්කයේ, දිගන නගරයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා නවතා දමා මුස්ලිම් ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කර, ප්‍රදේශයේ සියලුම ජනතාව අතර සාමය, සමගිය හා සහජීවනය ගොඩ නැගීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත්, ප්‍රදේශයේ සාමය හා නීතිය ආරක්‍ෂා කරන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හා කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ පවසා ඇත.

මෙම අවසනාවන්ත සිදුවීම නිසා එහි සාමයට සමගියට හා සහජීවනයට බලපා තිබෙන බවත්, මේ වනවිට ප්‍රකෝපකාරී පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරීම නිසා එහි ජීවත් වන මුසලිම් ජනතාවටත්, ඔවුන්ගේ කඩ සාප්පු හා දේපළවලටත් හානි සිදුවී ඇති බව එහි ජනතාව තමන්ව දැනුවත් කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

එසේම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (05දා) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ලිපියක් මගින් අම්පාර හා මහනුවර දිස්ත්‍රික්කවල හටගත් මෙම ගැටුම් මගින් ඇති විය හැකි අවසනාවන්ත තත්ත්වය වැළැක්වීම සඳහා  වහාම පියවර ගන්නා ලෙසත්, එම ප්‍රදේශවල නීතිය හා සාමය  ආරක්‍ෂා කිරීමට පියවර ගන්නා ලෙසත්, සිය ලිපියෙන් ඉල්ලා ඇති අතර, සියලුම ජාතීන් අතර සාමය, සමගිය හා සහජීවනය ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහයෝගය දැක්වීමට තමන් ඇතුළු දේශපාලන අධිකාරිය සූදානමින් සිටින බවද එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Related posts

ලෙඩා ආ ගිය තැනක් හොයාගන්න බැරුව අකුරණ ලොක්ඩවුන් කලේ මෙහෙමයි

colombotoday

පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයි

colombotoday

හන්තාන කදුවැටියේ කොටසක් ඉරි තලයි.. නායයාමක පෙර ලකුණු !

colombotoday

යහපාලන රජය රටින් රබර් ගෙන්නන්න කෝටි 18,000 වැය කරලා

colombotoday

ඊශ්‍රායල් දරුවන් සහ ගැබිනියන් මරන්න ෆත්වා දුන් යූසුෆ් අල් කර්දාවී ආගමික විද්වතෙක්. මුස්ලිම් කවුන්සිලයේ අමීන් කියයි.

colombotoday

MCC ගිවිසුම අත්සන් කිරීම සජිත් ජනාධිපති වූ පසු !

colombotoday