Colombo Today Local News

පන්සල් තුනක් වටකර රෑට රෑට හොරෙන් හදන පල්ලියක්, මුස්ලිම් අන්තවාදීන් කළුබෝවිල ආගමික ගැටුමකට මුලපුරයි !

kalubovila66

දෙහිවල ගල්කිස්ස මහනගරසභා බල ප්‍රදේශයට අයත් කළුබෝවිල ශ්‍රී මහා විහාර මාවතේ අංක 84 දරණ ස්ථානයේ අනවසරයෙන් ඉදිකෙරෙමින් පවතින මුස්ලිම් පල්ලියක් හේතුවෙන් ප්‍රදේශයේ සාමකාමී වටපිටාවට දැඩි බාධාවක් එල්ලවෙමින් පවතින අතර තත්ත්වය ආගමික ගැටුමක් දක්වා වර්ධනය වීමේ බරපතල අවදානමක් මතුව තිබෙනවා.

කළුබෝවිල හත්බෝධිය පුරාණ විහාරය, ශ්‍රී මහා විහාරය, සහ භාතිය මාවත සාරානාත් ධර්ම නිකේතනය යන විහාරස්ථාන තුනකට මැදිවී එම විහාරස්ථානවලට පිවිසෙන මාර්ගය අවහිරවන සේ නීති විරෝධීව මෙම පල්ලිය ඉදිකරන බවත්, ඉදිකිරීම් හොර රහසේ රාත්‍රිකාලයේදී සිදුකරන බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

2011 වසරේදී නීති විරෝධි ලෙස මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර වරින් වර මතුවූ විරෝධතා හේතුවෙන් ඉදිකිරීම් කටයුතු නවතා දමා තිබෙනවා. ඉකුත් අගෝස්තු මාසයේ පටත් වත්මන් රජයේ ප්‍රබල මුස්ලිම් ඇමතිවරයෙකුගේ අනුදැනුම ඇතිව නැවත වරක් ඉදිකිරීම් ආරම්භ කර තිබෙන අතර පිට පළාත්වලින් පැමිණි මුස්ලිම් පිරිස් මෙන්ම අප්‍රිකානු ජාතිකයන් කිහිප දෙනෙකුද ප්‍රදේශවාසීන්ට හිරිහැර සිදුවන ආකාරයෙන් නිතර මෙම ස්ථානයේ ගැවසෙන බවත් එය නුදුරේදීම බරපතල ආගමික ගැටුමක් දක්වා දුරට දිග යෑමට ඉඩ තිබෙන බවත් මහාසංඝරත්නය ඇතුළු ප්‍රදේශයේ විද්වතුන් පෙන්වා දෙයි.

ඇතිවෙමින් පවතින අසහනකාරී වටපිටාව පිළිබදව දැනුවත් කිරීම සදහා ඊයේ 13 කළුබෝවිල හත්බෝධිය පුරාණ විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්විණි. පල්ලියක් ඉදිකිරීම සදහා කිසිසේත්ම සුදුසු නොවන හා අවශ්‍යතාවක් නොමැති මෙම ස්ථානයේ පල්ලියක් ඉදිකරන්නේ ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජනතාව අතර ගැටුම් ඇතිකිරීමට බවත්, මේ පිළිබදව වහාම අවධානය යොමු කර ආගමික සහජීවනය තහවුරු කිරීම බලධාරීන්ගේ වගකීම බවත් කළුබෝවිල සාරානාත් ධර්මනිකේතනාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය එළමල්දෙණියේ සාරන්නද හිමිපාණන් වහන්සේ එහිදී අවධාරණය කර සිටියහ.

පූජ්‍ය එළමල්දෙණියේ සාරාන්නද හිමි සහ අධිනීතීඥ අශෝක සේරසිංහ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියා.

වීඩියෝව පහතින්

kb3kb2kb1

Related posts

හිටපු CID ලොක්කා ශානි අබේසේකර මුදා හරින්නැයි, වැලිකඩ අධිකාරීට අධිකරණයෙන් නියෝග

colombotoday

ඉවත දමූ බස් 175කට යළිත් පණ දෙයි

Admin

දුර්ලභ පඬු කරඳ ගසේ පැළ රෝපණය කර සුදුසු පරිසරවලට හඳුන්වා දීමට පියවර

colombotoday

සාමාන්‍ය සම්ප්‍රදාය නොසලකා – අගමැතිගේ වැඩේ ජනපති කරයි

colombotoday

මොදි ගේ ආරක්ෂාවට පොලිසියෙන් 6000ක්

colombotoday

13ට එහා ගිය බලය බෙදීමක් ඕන.. අත් දෙකම උස්සන්න මම ලෑස්තියි

colombotoday