එජාපය තුල රැඩිකල් වෙනසක් ඇතිවිය යුතු බව පක්ෂයේ උපනායක හා කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා අවධාරනය කරයි.
අද කොළඹ මෝදර ප්‍රදේශයේ පැවැති යෞවන සමාජ සාමාජිකයින් සදහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමේ උත්සව කිහිපයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ කරුණානායක මහතා මේ අදහස් පල කලේය. එහිදී වැඩිදුරටත් අදහස් පලකල ඒ මහතා අවධාරණය කර සිටියේ පාක්ෂිකයින්ට සලකන නවදේශපාලන දර්ශණයකට පක්ෂය අනුගත විය යුතු බවයි.