Colombo Today Local News

සංශෝධනේ කියලා එකම කාඩ් පැක් එක අනනවා විතරයි.. රටට සෙතක් නෑ

කැබිනට් සංශෝධනයෙන් කිසිදු වෙනසක් සිදු නොවුණු බවත්, වෙනත් කාඩ්පැක් නොමැති බැවින් එකම කාඩ්පැක් එක එහාට මෙහාට ඇනීම සිදුකරන අතර, එය කිසිදු තේරුමක් නොමැති කටයුත්තක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (25දා) ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකීම සඳහා ගැටඹේ විහාරස්ථානයට පැමිණ අවස්ථාවේ රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

ගැටඹේ රාජපෝවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල නාහිමියෝ එහිදී මහින්ද රාජපක්ෂ මහතාට මෙසේ පැවැසූහ.

”අද රට දිහා බලපුවාම රටට නායකත්වයක් නැහැ. රටම අද අරාජික වෙලා. ජනාධිපතිතුමාට වැඩක් කරන්න දෙන්නෙ නැහැ අනිත් මිනිස්සු. වැඩක් කරන මිනිහව කපලා දාලා ජනාධිපතිතුමාට උපදෙස් දෙන්නෙ ඒ මනුස්සයාව විනාශ වෙන්න. දැන් අන්තිම භයානක තත්ත්වයක් රටේ තියෙන්නෙ.”

එහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා,

”කැබිනට් සංශෝධනය කියා කිසි වෙනසක් නෑ. වෙන කාඩ් පැක් නොමැති නිසා එකම කාඩ් පැක් එක එහාට මෙහාට අනනවා විතරයි. ඒක කිසිම තේරුමක් නැති වැඩක්. පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව දීලා තියෙනවා. ජනාධිපතිවරයාද ඒ සම්බන්ධව විරුද්ධ වේ යැයි මං නොසිතනවා” යැයි පවසා සිටියේය.

ආණ්ඩු බලය හා විධායකයේ බලය පාවිච්චි කරමින් ජනතාව දුන් බලය බලයෙන් වත්මන් රජය තියාගෙන සිටින බවද හෙතෙම පැවසීය.

Related posts

ගහෙන් වැටිල මැරෙනවද? කරන්ට් වැදිල මැරෙනවද? ඉන්දියන් ගිලන් රථයට නගින්න පෙර දෙවරක් සිතන්න – GMOA

colombotoday

සමාජ දුරස්ථභාවය නොසලකා හරින පුද්ගලයින් අත්අඩංගුවට ගන්න පියවර

colombotoday

එජාප අපේක්ෂකයා දිණුවයි කියා ආධාරකරුවෝ ජය සමරති.. හූ තබමින් මහ පාරේ යකා නටති (Video)

colombotoday

කරඬුව වැඩම කරන්න ඇසල පෙරහැරට අලි ඇතුන් සැපයීම ගැටලුවක්

Admin

මෙවර ගිණිකෙළි අනතුරු නැති අලුත් අවුරුද්දක්

colombotoday

ගිනි අවියක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

colombotoday