Colombo Today Local News

කැබිනට් වෙනස පෙනි පෙනී පේරාදෙණියට අනධ්‍යන පත්වීම් 100ක් ලබාදෙයි..

කැබිනට්‌ සංශෝධනයක්‌ සිදු වීමට ඉඩකඩ ඇති මේ මොහොතේ පේරාදෙණිය විශවවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්‌ඩලය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්‌ථිර පත්වීම් සියයකට ආසන්න ප්‍රමාණයක්‌ ලබාදී ඇත.

මීට අමතරව එම විශ්වවිද්‍යාලයේ ආරක්‌ෂක අංශය සඳහා තිස්‌ දෙනෙක්‌ (30 ක්‌) පමණ අලුතින් බඳවා ගැනීමට මේ දිනවල කඩිනමින් කටයුතු සූදානම් කෙරෙමින් පවතී. අනධ්‍යයන කාර්ය මණ්‌ඩලය සඳහා නව පත්වීම් ලැබූවන් මැතිවරණයට පෙර අයෑදුම්පත් කැඳවා සම්මුඛ පරීක්‌ෂණවලට කැඳවූ පුද්ගලයන් යෑයි විශ්වවිද්‍යාලයීය ප්‍රකාශකයෙක්‌ පැවසීය.

කෙසේ වුවද කැබිනට්‌ සංශෝධනයක්‌ සිදු වන බවට රාවයක්‌ පවතින මොහොතක හදිසියේ මෙම පත්වීම් ලබාදීම ගැටලු සහගත යෑයිද හෙතෙම කීවේය.

දිවයින

Related posts

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි – සිරිපා සමය ඇරඹේ

colombotoday

නීති විරෝධීව වාහන එකලස් කළ සැකකරුවෙකු අංක තහඩු 12ක් සමග අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුව පෙරළන ඒකාබද්ධ විපක්ෂ පෙරහැරට මං එකතු වෙනවා – රතන හිමි

colombotoday

“ගාලු රැළියට මහ පිරිසක් උ/නැගෙනහිරින්.. ජනපතිට විශ්වාසය පලකරන්න එන්න ලෑස්තියි” – දකුණේ මහ ඇමති

colombotoday

යුක්රේනයේ ඩ්‍රෝන් සටනින් රුසියානු ගුවන් බලවේගයට දැඩි ප්‍රහාරයක්!

Admin

කාටත් ඕන මාව යවා ගන්නනම් මම යනවා – පොලිස්පති හැගුම්බර වෙයි

colombotoday