Colombo Today Local News

ෆෙඩරල් පාලනයක් ඇති කරන්න මේ ආණ්ඩුවට ජනවරමක් නෑ.. ෆෙඩරල් ඊළාම් සිහිනයේ පළමු පියවරයි

රටතුළ ෆෙඩරල් පාලනයක් ඇති කිරීම සදහා වත්මන් ආණ්ඩුවට කිසිදු ජනවරමක් ලැබී නොමැති බවා ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕම‍ල්පේ සෝභිත හිමියන් පවසයි. ෆෙඩරල් සංකල්පය යනු ඊළාම් සිහිනයේ පළමු පියවර බවත් එය කිසිසෙත් ඉටු කළ නොහැකි කාරණයක් බවත් උන්වහන්සේ පවසයි.

ෆෙඩරල් දෙමළ ජාතිවාදීන්ගේ පැවැත්ම සඳහා ඉදිරිපත් කරන්නන් බවට චෝදනා කළ ඕමල්පේ හිමියෝ එය දෙමළ ජනතාවගේ අවශ්‍යතාවක්‌ නොවන බවත් දමිළ ජනතාව වීම හෝ උතුරේ වීම නිසා මේ රට තුළ කිසිදු ප්‍රශ්නයක්‌ නැති බවත් ඔවුන්ට ඇත්තේ දකුණේ ජනතාවට තිබෙන පොදු ප්‍රශ්නම බවත් කීහ.

සංහිඳියාව ඇති කිරීමට රට තුළ මතුව ඇති මහඟු අවස්‌ථාව දෙමළ දේශපාලන නායකයන් විනාශ කර ගනිමින් සිටින බවත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ වෙනම රාජ්‍යයක ඔටුනු පැළැඳීමේ නරුම සිහිනය බවත් ඕමල්පේ සෝභිත හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

සිරිසමන්ත රත්නසේකර

Related posts

“කොටි සටනින් ඔබ්බට” දොරට වැඩුම මාර්තු 08

colombotoday

මධූෂ්, අමල් ඇතුළු 31ක් 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ…

colombotoday

කොරෝනා යලි මඩින්න ජනපති දුන් උපදෙස්

colombotoday

මාධ්‍ය හමුවකදී රන්ජන්ට මළ පනී.. මාධ්‍යවේදියාටත් තග දමා කැමරාවටත් පහර දෙයි

colombotoday

සයින්දමරුදු ප්‍රදේශයට නගරසභාවක් ලබා දීම හොද වැඩක්… කලබල වෙන්න තරම් දෙයක් නෑ…

colombotoday

සේනා කැබිනට්ටුවටත් රිංගයි…

colombotoday