Colombo Today Local News

දෙමළ සන්ධානය මානව හිමිකම් කවුන්සිලයට යලිත් කේලාම් කියයි

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලත් සමඟ ආණ්ඩුවේ ඇතිව තිබෙන ව්‍යාකූලත්වය හා රටේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සාමාජික රටවල් 26ක නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතා මෙම නියෝජිතයන් හමුවේ අවධාරණය කොට ඇත්තේ වත්මන් දේශපාලන ව්‍යාකූලත්වය හේතුකොට ගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කොට ඇති යෝජනා ඉටු කිරීම ප්‍රමාද කිරීම හෝ ඉටු කිරීමට නොහැකි බව පැවසීමට ඉඩප්‍රස්තා ඇති බවයි.

ඒ සඳහා කිසිවිටෙකත් ශ්‍රී ලංකා ආණ්ඩුවට සහාය නොදක්වන ලෙසත් එම යෝජනා ඉටුකර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කළ යුතුව ඇති බවත් සුමන්තිරන් මහතා එම නියෝජිතයන්ට පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරනු ලබන රටවල් 26ක නියෝජිතයන් 40 දෙනකු හමුවීමෙන් සුමන්තිරන් මහතා මේ බව පවසා තිබේ.
ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පොරොන්දුවී ඇති පරිදි ඉටු කොට ඇත්තේ ඉල්ලීම් කිහිපයක් පමණක් බවත්, විශේෂයෙන් අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට කටයුතු කොට ඇතත් එය මෙතෙක් ක්‍රියාත්මක වීම ආරම්භ වී නොමැති බව මන්ත්‍රිවරයා නියෝජිතයන් හමුවේ පෙන්වා දී ඇත.
මෙහිදී මන්ත්‍රිවරයා එම නියෝජිතයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකා ආණ්ඩුව ඉටු කිරීමට පොරොන්දුවී ඇති යෝජනා ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමට කිසි විටෙකත් ඉඩ නොතබන ලෙසයි.

Related posts

ඇමති අකිලගේ ගෝලයෝ මිහින්තලේ පුරාවිද්‍යා රක්ෂිතයේ වැඩ

colombotoday

දියේ ගිලුණු පුද්ගලයෙක් බේරාගන්න ගිය පාසල් සිසුවා මරුට

colombotoday

GSP+ ගන්න, සමලිංගිකත්වය නීතිගත කර, ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරන්න රජයේ අවධානය !

colombotoday

මැයි 21 සිට දින 10කට ගුවන් මගීන්ගේ පැමිණීම අත්හිටුවයි

colombotoday

කොවිඩ් මරණ භුමිදානයට අවසර දෙනවා | මහින්ද රාජපක්ෂ කියයි.

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday