Colombo Today Local News

ඊලාම් රාජ්‍යක් ගැන බොරු කියලා මහින්ද ජාතිවාදය ඇවිස්සුවා – ආර්. සම්බන්ධන්

පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ දමිළ ඊලාම් රාජ්‍යයක් බිහිවීමට නියමිත බවට ව්‍යාජ ප්‍රචාරයක් දියත් කර මහින්ද පාර්ශවය දකුණේ ජනතාව නොමග යැවූ බවත් ඒ හේතුවෙන් දකුණේ වැඩි ජන්ද ප්‍රමාණයක් ලබාගන්නට එම පාර්ශවයට හැකිව ඇති බව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සඳහන් කරයි.

විපක්ෂනායකවරයා මෙම අදහස් පළකර සිටියේ අද (19) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේ පළාත් පාලන මැතිවරණය හරහා පොහොට්ටුව පක්ෂය ලබා ඇති ජනතා ප්‍රසාදයට තමන් ගරු කළත් තම පක්ෂය සම්බන්ධ ව්‍යාජ ප්‍රකාශ ප්‍රචාරය කිරීම සතුටුදායක තත්ත්වයක් නොවන බවය.

එසේම වෙනම දමිල ඊළමක් පිළිබඳ කිසිඳු සඳහනක් තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැති බවත් තමන් දකුණේ සිංහල ජනතාව සමඟ බලය බෙදා ගැනීමට මේ වන විටත් පැහැදිළි ස්ථාවරයක් ප්‍රකාශ කර ඇති බවද විපක්ෂනායකවරයා සඳහන් කර සිටියේය.

තවද වසර ගණනාවක මැතිවරණ ප්‍රතිඵල සැලකීමේදී මහින්ද රාජපක්ෂ වෙත තිබු ජනතා ප්‍රසාදය අඩුව ඇති බවත් මෙවර මැතිවරණ ප්‍රතිඵලය අනුවද ඒ බව තහවුරු වන බවද විපක්ෂනායකවරයා පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් පැවසීය.

Related posts

මුලතිව් කෝපාපිලව්, ඉඩම්වලින් ගුවන් හමුදාව ඉවත් වෙයි

colombotoday

තමන්ගේ නොහැකියාව වසා ගැනීමට තෙල්දෙණිය සිද්ධිය අගමැති පාවිචිචි කළා – ඥානසාර හිමි

colombotoday

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසී

Admin

අපේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පුලුවන් ජනතාව වෙනස් වුනොත් විතරයි

Admin

උඩරට මැණිකෙට යට වූ එකම පවුලේ තිදෙනෙක් මරුට

colombotoday

කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය පනවයි

colombotoday