Colombo Today Local News

අගමැති ඉවත් නොවෙනවානම් කැබිනට් මන්ඩලය විසුරුවන්න ජනපති සූදානම්

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් නොවන්නේ නම් වහා ඇමැති මණ්‌ඩලය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇතැයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ ප්‍රකාශ කළේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 46(2) (ආ) වගන්තියට අනුව අගමැතිවරයා ස්‌වකීය ධුරය දරන්නේ ඇමැති මණ්‌ඩලය පවතිනතාක්‌කල් බව සඳහන්වේ. ඒ අනුව ඇමැති මණ්‌ඩලය විසුරුවා හැරි පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය ද අහෝසි වන බව හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ජාතික ආණ්‌ඩුව පවත්වාගෙන යාමේ ගිවිසුම මේ වනවිට අවසන් වී ඇති අතර මෙතෙක්‌ එම ගිවිසුම අලුත් කර නැතැයි ද හෙතෙම කීවේය.

වර්තමාන ඇමැති මණ්‌ඩලය පත්කර තිබෙන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහනවවැනි සංශෝධනයට අනුවය.

දහනවවැනි සංශෝධනය අනුව ජාතික ආණ්‌ඩුවක සිටියයුතු ඇමැතිවරුන් සංඛ්‍යාව සහ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව සඳහන් කර තිබේ.

ජාතික ආණ්‌ඩු ගිවිසුම යළි අලුත්කර නැති නිසා වර්තමානයේ තිබෙන ඇමැති මණ්‌ඩලය ද නීත්‍යනුකූල නොවන බව පැවැසූ හෙතෙම එම නිසා ඇමැති මණ්‌ඩලය විසුරුවා හැරීම සිදුකෙරෙනු ඇතැයි ද කීවේය.

– Divaina

Related posts

මාගල්කන්දේ සුදත්ත හිමි සහ බඩල්කුඹුරේ අරියශාන්ත හිමි දින 14 ක් වැලිකඩට

colombotoday

අලුත් ව්‍යවස්ථාව ජනමතයට පිටුපෑමක්… එජාපය ඩී.එස්. ඩඩ්ලිලාටත් අවනම්බු කරනවා – මල්වතු අනුනාහිමි

colombotoday

මාස දෙකකට පෙර මා කීදේ ඇත්ත වුණා.. මට පොලිස් ඇමතිකම දුන්නානම් මෙහෙම වෙන්නෑ

colombotoday

ගෝඨාභයට පාර්ලිමේන්තුවට එන්න මන්ත්‍රී ධූරයෙන් ඉවත්වෙන්න සීතා සූදානම්

colombotoday

කෝටි දෙකක හෙරොයින් සමග සැකකරුවෙකු රාජගිරියෙන් අල්ලයි

colombotoday

බිත්තරයකට දෙන රජයේ මිල දැනුම් දෙයි

Admin