Colombo Today Local News

19 සංශෝධනය යටතේ අගමැති ඉවත්කළ නොහැකියි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට අගමැතිවරයාව ඉවත් කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දුන්නේ අග්‍රාමාත්‍යවරයකු ඉල්ලා අස් වුවහොත් හැර ඔහුව ඉවත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇත්තේ ප්‍රතිපාදන දෙකක් පමණක් බවයි. එනම් විශ්වාසභංග යෝජනාවක් හෝ දෝශාභියෝගයක් ගෙන ඒමෙනි. එහෙත් විශ්වාසභංගයක් හෝ දෝශාභියෝගයක් මගින් අගමැතිවරයකු ඉවත් කිරීම සඳහා ද පාර්ලිමේන්තුවෙහි තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වෙයි. එහෙයින් මේ මොහොතේ එවැන්නක් ද ප්‍රායෝගික නොවන බව රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

එම නිසා අග්‍රාමාත්‍යවරයාව තනතුරින් ඉවත් කිරීම යනු මේ මොහොතේ කළ නොහැකි කාර්යයකැයි රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

Related posts

‘මාෂා අල්ලා‘ ට ධර්ම චක්‍රය ඇලජික්..!! රාජ්‍ය ලාංඡනය විකෘති කර හිනා මූණක් ඔබලා…

colombotoday

ගම්මන්පිල ට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 91කින් පරාජය කෙරේ

colombotoday

මොරටුව නගරාධිපතිගේ නිවසට ගිනි තියයි

colombotoday

ආණ්ඩු හදන, පෙරලන බටහිර බලවේගයක් ගැන තොරතුරු හෙළිවෙයි… Facebook සමාගමටත් චෝදනාවක්

colombotoday

පෙර පාසලේ සිට 7 ශ්‍රේණිය දක්වා සමලිංගිකත්වය උගන්වන්න වැඩ අරඹයි.. අත හිත අගමැති කාර්යාලයෙන් !

colombotoday

ශිෂ්‍යත්ව විභාගය හෙට… සියල්ල සූදානම්

Admin