Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී

බැඳුම්කර වංචා විමර්ශන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට දිවයිනට පැමිණ නැතැයි වාර්තා වේ.

ඉකුත් පෙබරවාරි (2) දෙවැනි දා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගයක් ලබාදෙමින් පැවසුවේ දැනට සිංගප්පුරුවේ සිටින හිටපු මහ බැංකු අධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙබරවාරි 15 දිනට ප්‍රථම ප්‍රකාශයක් ලබා දිය යුතු බවයි.

ඒ සදහා ජාත්‍යන්තර පොලීසිය මගින් නොතීසි යැවීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කරන ලදී.ඊට අමතරව අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිවයිනට පැමිණියහොත් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වන ලෙසට ආගමන හා විගමන පාලකවරයා වෙත දැන්වීමට නියෝග කෙරිණි.

Related posts

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වේ

colombotoday

වව්චරේ දෙන්නෙ මෙහෙමයි… පළමු වසරට රු.400යි, 13වසරට රු.1000යි

colombotoday

පොළොන්නරුව නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

දරුවා පාසලට දා ආපසු යද්දී පියා වෙඩි කා මරුට

Admin

මෛත්‍රීට ගෑවුන එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා… මෛත්‍රී වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කෑ එවුන් !

colombotoday

මෝටර් රථ අනතුරෙන් ඌව සරසවියේ කථිකාචාර්යවරුන් 5 කට තුවාල

colombotoday