Colombo Today Local NewsNew Constitution

“දකුණේ බලය මහින්දට නිසා ව්‍යවස්ථාව මග නවතී.. ෆෙඩරල් දැන් සිහිනයක්“ – සුමන්තිරන්

පළාත් පාලන මැතිවරණයේදී දකුණේ බහුතරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවී තිබිම නිසා යෝජිත නව ව්‍යවස්ථාව අතරමග නතර කළ යුතු තත්ත්වයක් උද්ගත වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා සඳහන් කර ඇත.

පෙරේදා (11) යාපනයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී උතුරේ දෙමළ ජනතාව ඡන්දය පාවිච්චි කළේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වූ අතුරු ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීමටයි. නමුත් දැන් දකුණේ බලය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවී තිබෙනවා.

මේ නිසා දෙමළ ජනතාවට පෙඩරල් පාලනය සිහිනයක් වන්නට පුළුවන්. ඒ නිසා උතුරේ සියලු දෙමළ සංවිධාන ප්‍රතිපත්තිමය වශයෙන් ඒකාබද්ධ වී කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බවද මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දී ඇත.

Lakbima

Related posts

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Admin

අනුරාධපුර සදහිරු සෑය පිලිබදව ප්‍රශ්න කිරීමට ගෝඨාභය FCID කැදවයි

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාක්

colombotoday

කාර්මික සංවර්ධනය වෙනුවෙන් යුරෝපා සංගමයෙන් ආධාරයක්

colombotoday

භූමිතෙල් සහනාධාරයෙන් රජයට දෛනිකව ලක්ෂ 57ක පාඩුවක් !

colombotoday

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය පාවාදෙන අවසන් මෙහෙයුමත් ඇරඹෙයි !

colombotoday