Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලති

මෙරට කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් හා අයිතිවාසිකම් කඩවීම් සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරියන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදය කතානායකරයාගෙන් මේ පිළිබඳ ලිඛිත ඉල්ලීමක් කළ බවයි.

මෙම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ඇතුළත් කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් ය.

එම විශේෂ කාරක සභාව මගින් රැකියා, උසස් වීම් අවස්ථා හා සේවා ස්ථානයේදී සිදුවන හිංසනයන් ඇතුළුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව කරනු ලබන සියලු ආකාරයේ වෙනස් කොට සැලකීම් පිළිබඳ කාන්තාවන්ගේ දුක්ගැනවිලි විභාග කර බැලීම, සියලු අංශවලට ප්‍රමාණවත් අභ්‍යන්තර සම්පත් වෙන්කර දීම ඇතුළු යෝජනා 10 ක් ඉටු කළ යුතු බව ද මන්ත්‍රිවරියන්ගේ සංසදය කතානායකවරයාට දැනුම් දී තිබේ.

Related posts

ජනපතිත්, ඇමතිවරුත් ඉල්ලා අස්විය යුතුයි – ඉල්ලා අස්වීමටනම් අගමැතිගේ කොන්දේසි මෙන්න

colombotoday

“කොටි ඩයස්පොරාව නැවතත් හිස ඔසවනවා… ජාතික ආරක්ෂාව දුර්වල වෙලා” – කරුණා අම්මාන්

colombotoday

විල්පත්තුවේ ගිනි පත්තුවෙද්දී බදියුදීන්ගේ ගෝලබාලයෝ නැවතත් කරළියට…

colombotoday

මාලිමාව උතුරේ ඉඩම් අත්පත් කරගැනීමක? ආණ්ඩුවේ ගැසට් රිවස්!

Admin

ජනාධිපති ලේකම් ධුරය සමන් ඒකනායකට 

colombotoday

“විල්පත්තුව මුස්ලිම් ජාතිකයන්ටත් අයිතියි.. මම ඔවුන්ගේ පැත්තෙයි“ – ඇමති රාජිත

colombotoday