යහපාලන හවුල් ආණ්ඩුවෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය විසින් තනි ආණ්ඩුවත් පිහිටුවීමට ගත් තීරණය හෙට දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව එජාප සිරිකොත ආරංචි මාර්ග පවසයි.
එම ආණ්ඩුවේ ඇමතිධුර සංඛ්‍යාව 35කට සීමා කෙරෙනු ඇති බවද එම ආරංචිමාර්ග කියා සිටී.
එජාපයට මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන 106ක් හිමි අතර බහුතරය තහවුරු කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්ද එක්වීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
එජාපයේ පාර්ලිමේන්තු බහුතරය සපුරා ගැනීම සදහා ද්‍රවිඩ ජාතික සන්ධානය සමගද අද දහවල් සාකච්ඡා කර ඇති ඇතැයි වාර්තා විය. ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වන විටත් එජාප සහ ශ්‍රීලනිප පාර්ශවය අතර සාකච්ඡා සිදුවෙමින් පවතින බවද පැවසේ.