Colombo Today Local News

මුස්ලිම් ඇමතිවරු ජනපති හමුවේ – ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මේ වනවිට පොලිසියට නියෝග ලැබී තිබෙන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

මේ අතර, ඊයේ සවස මුස්ලිම් අමාත්‍යවරු ජනාධිපතිවරයා හමුවී ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කල බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

චෝදනාවක් නොමැතිව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එල්ල වෙන දැඩි බලපෑම් හමුවේ පොලිස් නිලධාරීන් මේ වන විට දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

පොලිස් මුලස්ථානයට අනුබද්ධ බුද්ධි අංශ කිහිපයක් විසින් ඥානසාර හිමි අත්අඩංගුවට නොගන්නා ලෙස සදහන් කර ඇති අතර දේශපාලන පලිගැනීමක් වශයෙන්උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමක් සිදුකළහොත් රට තුල සාමය කඩවීමේ සිද්ධීන් ඇතිවීමේ අවධානමක් පවතින බවයි එම වාර්තා සදහන් කර ඇත්තේ.

Related posts

යන්නැත්තම් යවන්න ලෑස්තියි.. අගමැතිට එරෙහිව එජාපයෙන්ම විශ්වාසභංගයක්

colombotoday

ශ්‍රීලනිප ඒකාබද්ධ රහස් හමුවක්

colombotoday

හිඟුරක්ගොඩටත් ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක්

Admin

අද ප්‍රදේශ කීපයකට වැසි

Admin

දින 12ක් තුළ නිරෝධායන නීති කැඩූ 158ක් අත්අඩංගුවට

colombotoday

නාරංගල ගිය තරුණයෙකුගේ සිරුර ප්‍රපාතයකින් හමුවෙයි

colombotoday