Business

නිදහස් සතියේ උපත ලබන බිළිඳුන් වෙනුවෙන් මහජන බැංකුවෙන් ‘ඉසුරු උදාන’ තෑගි සහතිකපත්…

ජාතික නිදහස් දිනය සමරන නිදහස් සතියේ උපත ලබන බිළිඳුන් වෙනුවෙන් ඉසුරු උදාන – තෑගි සහතිකපතක් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු පිළියෙල කර තිබේ.

නිදහසේ උපත යන තේමාව යටතේ, 69 වන ජාතික නිදහස් දිනයට සමගාමීව පෙබරවාරි මස 01 වැනිදා සිට 07 වැනිදා දක්වා උපත ලබන සියලුම බිළිඳුන් වෙත මෙලෙස මහජන බැංකුව විසින් රුපියල් 500/- ක් වටිනා ඉසුරු උදාන තෑගි සහතිකපත් පිරිනමයි.

එම තෑගි සහතිකපත් මගින් ළඟම ඇති මහජන බැංකු ශාඛාවේ දී අලූත උපන් බිළිඳා වෙනුවෙන් ඉසුරු උදාන ගිණුමක් ආරම්භ කිරීමේ අවස්ථාව දෙමව්පියන් වෙත සලසා දී ඇත.

2006 වසරේ දී ආරම්භ කළ නිදහසේ උපත තෑගි සහතිකපත් ප්‍රදානය මෙවර අඛණ්ඩව 11 වන වරටත් සිදු කරයි.

දරුවන්ගේ අනාගතය පිළිබඳ දෙමව්පියන් තුළ ඉලක්කගත අරමුණක් හා සැලසුම්සහගත බවක් ඇති කිරීම මෙහි මූලික අපේක්ෂාවකි. බිළිඳකු මෙලොව එළිය දුටු දිනයේ සිට ම ඔහුගේ හෝ ඇයගේ අනාගත දිවිය සාර්ථක කර ගැනීම සඳහා මූලික අඩිතාලමක් සකස් කර ගැනීමට ඉසුරු උදාන සහතිකපත මගින් අවස්ථාවක් උදා වේ.

රාජ්‍ය බැංකුවක් ලෙස පුද්ගල සංවර්ධනය උදෙසා මහජන බැංකුවේ දායකත්වය හා කැපවීම මෙම වැඩසටහන තුළින් පිළිබිඹු වේ.

නිදහසේ උපත සහතිකපත් ප්‍රදානයේ සමාරම්භක වැඩසටහන මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී / සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාගේ මූලිකත්වයෙන් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ දී පැවැත්වේ. මීට සමගාමීව දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් වල දී විශේෂ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කර ඇත.

Related posts

පිරමීඩාකාර ජාවාරම හිස එසවීම සහ මහ බැංකුවේ ක්‍රියාපිළිවෙත

colombotoday

තම පාරිභෝගිකයෙකුට විරුද්ධව Allianz ඉන්ෂුවරන්ස් ගත් තහනම් නියෝගය අධිකරණය අත්හිටුවයි.

colombotoday

“ලබන අවුරුද්දේ රාජ්‍ය ආයතන කිහිපයක් විකුණනවා” අගමැති ආයෝජකයන් හමුවේ හෙළිකරයි – Video

colombotoday

Virginia DMV to open new Williamsburg customer service center

colombotoday

AIBT Campus නවතම ශාඛාව Degu Lanka පදනම සමඟ ඒකාබද්ධව හම්බන්තොට නගරයේදී විවෘත වේ.

colombotoday

කොවිඩ් නිසා මූල්‍ය ශක්තිය පිරිහුණු රටවල් අතරට ශ්‍රී ලංකාවත්

colombotoday