Colombo Today Local News

බැඳුම්කර චෝදනා සොයන්න ජනපති කොමිසමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව ගැන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර ඊට අදාල නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපතිවරයාට උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් කියැවේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, මහාධිකරණ විනිසුරුවරයකු සහ විගණන විශේෂඥයකු මෙම ජනාධිපති කොමිෂන් සභාවට පත් කිරීමට නියමිතය.

එම ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි. කොමිෂන් සභා වාර්තාව මාස තුනක් ඇතුළත සම්පූර්ණ කර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයිද කියැවේ.

Related posts

අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්⁣⁣ට දැනුම් දීමක්

colombotoday

ගාලු කොටුවේ ගොඩනැගිලි සියයකට අධික ප්‍රමාණයක් විදේශිකයෝ මිලට ගනිති

colombotoday

බැඳුම්කර වංචාව : රවී කරුණානායක ඇතුළු චූදිතයින්ට එරෙහිව විශේෂ අධිකරණ විභාගයක් පවත්වන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

colombotoday

බාලවයස්කාර දැරියක් රඳවාගෙන ආගම වෙනස් කර විවාහ වෙන්න සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

ජපාන තානාපති සුගියාමා අකිරා ජනපති හමුවෙයි

colombotoday

“මේ කරන්න යන්නේ, අණ පනත් ගෙවිත් මැතිවරණ ක්‍රියාවලිය කුඩුපට්ටම් කිරීමේ කූඨ කුමණ්ත්‍රණයක්”

Admin