Colombo Today Local NewsTop Stories

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නිදහස්

පසුගිය 04 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට පත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා නිදහස් කළ බව ඔහු විසින් ඔහුගේ ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා ඇත.

ඒ මෙසේයි ….

පසුගිය 04 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය කරා ගමන් කරන අතර මග අරාබි එමීර් රාජ්‍යයේදී එරට ඉන්ටර්පොල් පොලිසිය විසින් නතර කර, පරික්ෂා කර, මා හට ජාත්‍යන්තරව කිසිදු චෝදනාවක් නොමැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු නිදහස් කල බව කිව යුතුය. එසේ නමුත් මෙම රජයෙන් මට සිදූවන දරුණු දේශපාලන පළිගැනීම් නිසා, දැනට ලංකාවට පැමිණීමට අදහසක් නැත. නමුත් ඔවුන් මට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල අමූලික බොරු බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි. මට පුදුම රටේ උගතුන් බුද්ධිමතුන් යැයි කියන කොටස පවා අද රටේ නිදහස, නීතිය ඉදිරියේ සමානාත්මතාව, අධිකරණයේ ස්වාධීනත්වය වැනි ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන නියාමනයන් පවතීයැයි තවමත් සිතීමය. මෙම පළාත් පාලන චන්දයට වාසී ලබා ගැනීමට රජය විසින් අන්තිම මොහොතේ මාව අත්අඩංගුවට ගැනීමට ගත් උත්සාහය මෙසේ අසාර්ථක විය. එසේ නමුත් ලාංකික පොලීසියට එරෙහිව ජාත්‍යන්තරව වන්දි නඩුවක් පැවරීමට ඉතා සුදුසු අවස්ථාවක් මට උදාවීම ගැන සතුටු වන්නෙමි. අසාර්ථක හිටං හුටං ආණ්ඩුවේ ආයුෂ 10 වෙනිදා ඔබගේ චන්දයෙන් අවසානය පටන් ගන්නවා බව නියතය.
අද රටෙහි භයානක පොලිස් රාජ්‍යයක් බිහිවෙමින් පවතින බව ඔප්පු කරන එක් අවස්ථාවක් වුවද, මෙම පොලිස් රාජ්‍යයේ බිහිවීම තුලින් රටට සිදූවන විනාශයට විරෝධය පෑමට පෙබරවාරි 10දා ලැබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා ලෙස ලංකික ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
උදයාංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති

 

Related posts

හමුදාවට පොලිස් බලතල ලබාදීමට ඒකාබද්ධය විරුද්ධයි…

colombotoday

ඉන්දුනීසියාවේ මුල්වරට ඉස්ලාම් ශරීයා නීතිය අනුව බෞද්ධයන්ට වේවැල් පහර (Photo)

colombotoday

ගෝඨාභය රාජපක්‍ෂ නැතුව බෑ – විමල් විරවංශගෙන් ප්‍රකාශයක්

colombotoday

ආණ්‌ඩුව උඩ බලාගෙන කෙළ ගසා ගන්නා තත්ත්වයට පත්වෙලා

colombotoday

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි

colombotoday

අද රාජිතගේ පටි රෝල් !

colombotoday